කොණ්ඩ රංජි CID අත්අඩංගුවට
ඩුබායි සිට ශ්‍රී ලංකාවට පිටුවහල් කළ පාතාල කල්ලි සාමාජිකයෙකු වන රංජිත් කුමාර හෙවත් ‘කොණ්ඩ රංජි’ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම උදෙසා වැදගත් පියවරක් ලෙස නව ගිවිසුම් තුනකට අත්සන් තබා තිබේ.
මෙරට නිල සංචාරයක නිරතව සිටින ඉන්දියානු ආරක්ෂක අමාත්‍ය ශ්‍රී රාජ්නාත් සිං සහ ජනපති අනුර කුමාර දිසානායක අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති හමුවේ දී මෙම ගිවිසුම්වලට අත්සන් තබා ඇත.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා L70 තුවක්කු පද්ධති නවීකරණය සහ වැඩිදියුණු කිරීම සඳහා වූ ගිවිසුම, ඉන්දියාවේ ජාතික ආරක්ෂක විද්‍යාලය සහ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක විද්‍යාලය අතර අධ්‍යයන සහයෝගීතාව සඳහා වූ ගිවිසුම සහ ශ්‍රී ලංකා ශිෂ්‍යභට බලකාය සහ ඉන්දීය ශිෂ්‍යභට බලකාය අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව සම්බන්ධ ගිවිසුම යන ගිවිසුම් ත්‍රිත්වය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා විසින් මෙහිදී හුවමාරු කර ගන්නා ලදී.
දෙරට අතර පවතින ආරක්ෂක, ආර්ථික, සාගර සහ කලාපීය හවුල්කාරිත්වය මෙන්ම, දෙරටෙහි ඓතිහාසික සබඳතා අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ සැලසෙන අයුරින් තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
විෂ මත්ද්‍රව්‍ය උවදුර මැඬලීම වෙනුවෙන් ශ්‍රී ලංකාව මේ වන විට ආරම්භ කර ඇති ජාතික වැඩසටහන පිළිබඳව පැහැදිලි කරමින්, ඉන්දියානු සාගරය මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා කේන්ද්‍රස්ථානයක් වී ඇති බැවින් ශ්‍රී ලංකාවේ විෂ මත්ද්‍රව්‍ය විරෝධී වැඩපිළිවෙළ සඳහා ඉන්දියාවේ පූර්ණ සහාය අපේක්ෂා කරන බවද ජනපති අනුර කුමාර දිසානායක එහිදී සඳහන් කර ඇත.
ඉන්දියානු සාගර කලාපය සාමකාමීව පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාවේ අඛණ්ඩ සහාය ලබා දෙන බවත්, ශ්‍රී ලංකාව ස්වෛරී රාජ්‍යයක් ලෙස තීන්දු තීරණවලට එළැඹෙන්නේ ජාතික අවශ්‍යතා මෙන්ම කලාපීය අවශ්‍යතාද සැලකිල්ලට ගනිමින් බවත් එහිදී අවධාරණය කර තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඩුබායි සිට ශ්‍රී ලංකාවට පිටුවහල් කළ පාතාල කල්ලි සාමාජිකයෙකු වන රංජිත් කුමාර හෙවත් ‘කොණ්ඩ රංජි’ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
විශ්වවිද්‍යාල ආචාර්යවරු හෙට (09) දිනයේ එක් දින වැඩවර්ජනයක නිරතවෙන බව විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනය පවසයි.
සියලුම විදුලි වාහන සඳහා කොළ පැහැති පසුබිමක් සහිත නිශ්චිත සැලසුමක් සහිත අංක තහඩු නිකුත් කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.