නීතිවිරෝධී ලෙස ටෙලිග්‍රැෆික් ට්‍රාන්ස්ෆර් (TT) ක්‍රමය ඔස්සේ අමෙරිකානු ඩොලර් මිලියන 80ක මුදලක් විදේශීය බැංකු ගිණුම් වෙත හුවමාරු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසින් මරදාන ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

2023 සිට 2025 දක්වා කාලය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 80ක්, එනම් ආසන්න වශයෙන් රුපියල් බිලියන 23කට සමාන මුදලක්, නීතිවිරෝධී ලෙස විදේශීය ගිණුම් වෙත මාරු කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බව වාර්තා වේ.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.