නේපාලයේ මියගිය සංඛ්‍යාව 734 දක්වා ඉහළට
නේපාලයේ ගංවතුර හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 734 දක්වා ඉහළ ගොස් ඇති බව එරට ආපදා කළමනාකරණ ඒජන්සිය පවසයි.
නේපාලයේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව මේ වනවිට 903 දක්වා ඉහළ ගොස් ඇති බව එරට ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය පවසයි.
මේ අතර, ආපදාවෙන් අතුරුදන්ව සිටින පුද්ගලයන් සංඛ්‍යාව 4,247 දක්වා ඉහළ ගොස් තිබේ. එය ඉරිදා වාර්තා වූ 2,502ක සංඛ්‍යාවට සාපේක්ෂව සැලකිය යුතු ඉහළ යාමකි.
අතුරුදන්ව සිටින පිරිස අතර,
නේපාල ජාතිකයින් 3,655 දෙනෙකු
විදේශිකයින් 592 දෙනෙකු
ජල විදුලි බලාගාර සේවකයන් 933 දෙනෙකු
නේපාල හමුදා, පොලිස් සහ රේගු නිලධාරීන් 102 දෙනෙකු
ඇතුළත් බව බලධාරීන් සඳහන් කරයි.
මුදාගැනීමේ මෙහෙයුම් හයවන දිනයටත් ක්‍රියාත්මක වන අතර, දිනපතා මළ සිරුරු රැසක් සොයා ගනිමින් පවතින බව වාර්තා වේ.
මේ අතර, චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන පරිදි ටිබෙට් ප්‍රදේශයේ මේ වනවිට පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් ඇති අතර, තවත් 546 දෙනෙකු අතුරුදන්ව සිටිති.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
නේපාලයේ ගංවතුර හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 734 දක්වා ඉහළ ගොස් ඇති බව එරට ආපදා කළමනාකරණ ඒජන්සිය පවසයි.
නේපාල-ටිබෙට් දේශසීමා ප්‍රදේශයට බලපෑ හදිසි ගංවතුරින් විපතට පත්වූවන් ගලවා ගැනීමේ කටයුතු චීන බලධාරීන් විසින් අත්හිටුවා ඇත.
නේපාල-ටිබෙට් දේශසීමාවේ සිදුවූ විනාශකාරී ගංවතුරින් සිදුවූ මරණ සංඛ්‍යාව 270ක් දක්වා ඉහළගොස් ඇති බවට එරට පොලීසිය පවසයි.