සරම්ප නිසා බංග්ලාදේශයේ ළමුන් දහසකට වඩා මරුට
බංග්ලාදේශය පුරා පැතිර යමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් ළමුන් 1,000කට අධික පිරිසක් මියගොස් ඇති අතර, හදිසි එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කළද නව ආසාදිතයන් වාර්තා වීම යළි ඉහළ යමින් පවතී.
නේපාලයේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව මේ වනවිට 903 දක්වා ඉහළ ගොස් ඇති බව එරට ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය පවසයි.
මේ අතර, ආපදාවෙන් අතුරුදන්ව සිටින පුද්ගලයන් සංඛ්‍යාව 4,247 දක්වා ඉහළ ගොස් තිබේ. එය ඉරිදා වාර්තා වූ 2,502ක සංඛ්‍යාවට සාපේක්ෂව සැලකිය යුතු ඉහළ යාමකි.
අතුරුදන්ව සිටින පිරිස අතර,
නේපාල ජාතිකයින් 3,655 දෙනෙකු
විදේශිකයින් 592 දෙනෙකු
ජල විදුලි බලාගාර සේවකයන් 933 දෙනෙකු
නේපාල හමුදා, පොලිස් සහ රේගු නිලධාරීන් 102 දෙනෙකු
ඇතුළත් බව බලධාරීන් සඳහන් කරයි.
මුදාගැනීමේ මෙහෙයුම් හයවන දිනයටත් ක්‍රියාත්මක වන අතර, දිනපතා මළ සිරුරු රැසක් සොයා ගනිමින් පවතින බව වාර්තා වේ.
මේ අතර, චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන පරිදි ටිබෙට් ප්‍රදේශයේ මේ වනවිට පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් ඇති අතර, තවත් 546 දෙනෙකු අතුරුදන්ව සිටිති.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බංග්ලාදේශය පුරා පැතිර යමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් ළමුන් 1,000කට අධික පිරිසක් මියගොස් ඇති අතර, හදිසි එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කළද නව ආසාදිතයන් වාර්තා වීම යළි ඉහළ යමින් පවතී.
පිලිපීනයේ මගී නෞකාවක ගින්නක් හටගැනීමෙන් පුද්ගලයන් පස්දෙනෙකු මියගොස් තවත් 86 දෙනෙකු අතුරුදන්ව තිබේ.
ඉන්දියාවේ නවදිල්ලි නුවර සත්ය නිකේතන් ප්‍රදේශයේ පස්මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගොස් තිබේ.