ඉන්දුනීසියාවේ ටර්නේට් දූපතට ඔබ්බෙන් වූ මොලුකා මුහුදේ බ්‍රහස්පතින්දා අලුයම හටගත් රික්ටර් මාපක 7.4 ක භූමිකම්පාවකින් එක් අයෙකු මිය ගොස් තිබේ.

එරට වේලාවෙන් උදෑසන 06:48 ට කිලෝමීටර් 35 ක් ගැඹුරෙහි සිදු වූ භූමිකම්පාවෙන් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කළ නමුත් පසුව එය ඉවත් කර ඇත.

උතුරු සුලවේසි හි 70 හැවිරිදි කාන්තාවක් ගොඩනැගිලි සුන්බුන් වලට යටවීමෙන් මිය ගොස් ඇති බව ඉන්දුනීසියාවේ ජාතික ප්‍රවෘත්ති ඒජන්සිය වන අන්තාරා වාර්තා කළේය. 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.