පුවත්

දැදුරු ඔයේ ගිලීමෙන් මියගිය පුද්ගලයින් ගණන ඉහළට

Update 12.00 දැදුරු ඔයේ ගිලී අතුරුදන්ව සිටි අනෙක් පුද්ගලයින් දෙදෙනාගේ මළ සිරුරු සොයා ගැනේ. සිද්ධියෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 8 දෙනෙකු දක්වා ඉහළට. - පොලීසිය

Read More

ID ඔෆිස් එක හෙට වැඩ නැහැ

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලුම පළාත් කාර්යාලවල එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවාවන් හෙට (17) ක්‍රියාත්මක නොවන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

අධික කළු ධුමාරය නිකුත් කරන වාහනවලට නීති දැඩි වෙයි

අධික කළු දුම නිකුත් කරමින් මාර්ගයේ ධාවනය කරන වාහන හඳුනාගෙන ඒවාට එරෙහිව දැඩි නීති ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර පවසයි.

Read More

ලංගම බස්වල ගිය මගීන්ට තෑගි – බස් ටිකට්පත ළග තියාගන්න

මෙවර අලුත් අවුරුදු සමයේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ලංගම) ලැබූ දැවැන්ත මූල්‍යමය සාර්ථකත්වයේ ප්‍රතිලාභ මගී ජනතාවට ද ලබා දීමට සභාපති සජීව නන්දන කනකරත්න තීරණය කර තිබේ.

Read More

ඉරාන කණ්ඩායම පාපන්දු ලෝක කුසලානයට අමෙරිකාවට යයි ද?

අමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා ඉරාන කණ්ඩායම අනිවාර්යයෙන්ම සහභාගී වනු ඇති බවත් ක්‍රීඩාව සහ දේශපාලනය පටලවා නොගත යුතු බවත් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ පවසයි.

Read More

මෙරටට පැමිණි චීන සයිබර් අපරාධකරුවන් පිරිසක් අත්අඩංගුවට

පරිගණක මූල්‍ය අපරාධ සිදුකිරීම සඳහා මෙරටට පැමිණෙමින් සිටි චීන ජාතිකයන් 09 දෙනෙකු අද (16) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ලෙබනන් සහ ඊශ්‍රායල නායකයින් අතර සාකච්ඡා ගැන ට්‍රම්ප් හෙළිකරයි

ලෙබනනයේ සහ ඊශ්‍රායලයේ නායකයින් දශක ගණනාවකට පසු පළමු වරට හෙට - බොහෝ විට 16 බ්‍රහස්පතින්දා - සාකච්ඡා පවත්වන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

Read More

ගාල්ලෙන්, මාතරින් මාකුඹුරට එන අයට ඔන්ලයින් බස් ටිකට්

උත්සව සමය අවසානයේ ගාල්ල සහ මාතර සිට මාකුඹුරට පැමිණෙන මගී ජනතාවට මාර්ගත ක්‍රමය ඔස්සේ ප්‍රවේශ පත්‍ර ලබාගත හැකි බව ප්‍රවාහන, මහමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසයි.

Read More

පොලිස්පති සහන මැදිරිය මේ සතියේ අවලංගුයි

පොලිස් නිලධරයන්ගේ අභියාචනා සම්බන්ධයෙන් හෙට(16) පැවැත්වීමට නියමිතව තිබූ පොලිස්පති සහන දිනය සහ අනිද්දා(17) පැවැත්වීමට නියමිතව තිබූ පොලිස්පති මහජන සහන දිනය නොපැවැත්වෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කරයි.

Read More