පුවත්

ජනාධිපතිගේ නිල කාලය සම්බන්ධ පෙත්සම ඉවතට

ජනාධිපතිගේ නිල කාලය සම්බන්ධ පෙත්සම ඉවතට

ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම විභාගයට නොගෙන රුපියල් ලක්ෂයක නඩු ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (8) තීන්දු කළේය.

ලයනල් ප්‍රනාන්දු අවසන් කටයුතු අද (8)

මෙරට කීර්තිමත් පරිපාලන නිලධාරියකු, රාජ්‍යතාන්ත්‍රිකයකු මෙන්ම උතුරු-නැ‍ඟෙනහිර ආණ්ඩුකාර ධුරය ද දැරූ ලයනල් ප්‍රනාන්දු ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (08) සවස 5.30ට බොරැල්ල කනත්තේ නව ආදාහනාගාරයේ දී සිදු කෙරේ.

Read More

අතුරුගිරිය වෙඩි තැබීමෙන් මියගිය ගණන ඉහලට : වෙඩික්කරුවන් ආ වාහනය හමුවෙයි

අතුරුගිරිය ඔරුවල සිදු වූ වෙඩි තැබීමෙන් ව්‍යාපාරිකුවූ සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකු මියගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

Read More

ජනාධිපති නිල කාලය වසර 5 යි - නීතිපති

වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 05 ක් බව පැහැදිලි යැයි නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට අද (ජුලි 8 වැනිදා) දැනුම් දුන්නේය.

Read More

අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට

අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත මියගොස් තිබේ.

Read More

කෙහෙළියගේ සමීපතමයන් ගේ ගිණුම් ගැනත් සොයයි

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ වත්කම් පිළිබඳව සිදුකරන විමර්ශන කටයුතු පුළුල් කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කළේය.

Read More

ජනාධිපති ශිෂ්‍යත්ව පිරිනැමීම ජූලි 12 වැනිදා සිට

අ.පො.ස. (උ/පෙළ) සහ පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් පිරිනැමෙන ශිෂ්‍යත්ව ප්‍රදානය මෙම ජූලි 12 වනදා සිට දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒ නිවේදනය කරයි.

Read More

රාජ්‍ය සේවය ලෙඩ වෙයි

රාජ්‍ය අර්ධ රාජ්‍ය සහ පළාත් රාජ්‍ය සේවයට අයත් සේවාවන් විශාල ප්‍රමාණයක් නියෝජනය කරන වෘත්තිය සමිති 200 කට අධික ප්‍රමාණයක් අද (8) සහ හෙට (9) දිනයේ වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වී තිබේ.

Read More

තට්ට ගායිකාව අමුතු විදිහකට වේදිකාවට

වසර 2002 දී තට්ට ගායිකාව සමාරම්භක නිෂ්පාදනයේ මැගිලින්ගේ චරිතයට පණ පොවමින් ප්‍රේක්ෂක ආදරය දිනාගත් අප මිතුරිය ජිල්-මරී ජාර්විස් බොහෝ කලකට පසු ශ්‍රී ලංකාවට පැමිණීම අපේ ප්‍රීතියට කරුණක් විය.

Read More

පක්ෂ බෙදා ඡන්ද දින්න කාලේ ගියා - නාමල්

පක්ෂ බෙදා වෙන්කර අතීතයේදී මැතිවරණ ජයග්‍රහණය කළත් වර්තමානයේදී එසේ කිරීමට නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ පැවසීය.

Read More

බැසිල් ගේ සහය රනිල්ට - රට වෙනුවෙන් ගත් තීරණය කියයි

රට ගැන සිතා ඉදිරියටත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ පවසයි.

Read More

ගාමිණි-බැසිල්-දයාන් සිත්තර සුසංයෝගයෙන් ''ත්‍රිමාණ'' ලයනල් වෙන්ඩ්ට් හි දී

ගාමිණි අබේකෝන්, බැසිල් කුරේ සහ දයාන් කොට්ටච්චි යන සිතුවම් ශිල්පින් ගේ සුසංයෝගයෙන් ඉදිරිපත් කෙරන "ත්‍රිමාණ" සිතුවම් දැක්ම ජූලි 12 වැනිදා සවස කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ දී ආරම්භ කිරීමට නියමිත ය.

Read More