PHP පද්ධති ආරක්ෂක දුර්වලතා ගැන CERT අනතුරු අඟවයි
PHP මෘදුකාංගය භාවිත කර නිර්මාණය කර ඇති පද්ධතිවල පවතින ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් සයිබර් ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
සේවක වැඩ වර්ජනයක් මුල් කරගෙන සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමේ සෙවනගල කර්මාන්තශාලාව නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට පාලනාධිකාරිය තීරණය කර තිබේ.
සමාගම නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ වැඩ වර්ජනය හේතුවෙන් සිදුවන මූල්‍ය පාඩුව අවම කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි.
පසුගිය 25 වැනිදා පස්වරු 2.00 සිට සේවකයින් පිරිසක් රාජකාරිවලින් ඉවත්ව නිෂ්පාදන කටයුතු නතර කර තිබූ බව සමාගම සඳහන් කරයි. ඒ අනුව පසුගිය 26 සහ 27 යන දිනවල අත්‍යවශ්‍ය සේවාවල නිරත සේවකයින් හැර අනෙකුත් සේවකයින්ට නිවාඩු ලබාදී තිබිණි.
කෙසේ වෙතත්, ඊයේ (28) නැවත නිෂ්පාදන කටයුතු ආරම්භ කරන ලෙස ප්‍රධාන මෙහෙයුම් නිලධාරීවරයා දැනුම් දී තිබුණද, සේවකයින් වැඩ වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යාම හේතුවෙන් කර්මාන්තශාලාව වසා දැමීමට පාලනාධිකාරිය පියවර ගෙන ඇත.
නැවත කර්මාන්තශාලාව විවෘත කරන දිනයක් පිළිබඳව මෙතෙක් දැනුම්දීමක් සිදුකර නොමැත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
PHP මෘදුකාංගය භාවිත කර නිර්මාණය කර ඇති පද්ධතිවල පවතින ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් සයිබර් ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
අන්තර්ජාලයේ වෙබ් අඩවි රැසක් ක්රියාත්මක කිරීම සඳහා භාවිත කරන PHP පරිගණක භාෂාවේ දශකයකට වැඩි කාලයක් හඳුනා නොගත් බරපතළ ආරක්ෂක දුර්වලතා කිහිපයක් කෘත්රිම බුද්ධිය (AI) භාවිතයෙන් හඳුනාගෙන තිබේ.
දැදුරු ඔය ද්රෝණියේ ඉහළ හා මධ්ය ප්රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතුවෙන් දැදුරු ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්නව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.