ඉදිරියේදී වැසි තත්ත්වයේ වැඩි වීමක්
ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
2026 වසරේදී පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
පාසල් සිසුවියන්ගේ අඛණ්ඩ අධ්‍යාපනය තහවුරු කිරීමේ අරමුණින්, වැඩිවියට පත් සියලුම රජයේ පාසල්වල 6 ශ්‍රේණියෙන් ඉහළ සිසුවියන් සහ රජයේ උපකෘත විශේෂ පාසල්වල සිසුවියන් ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
ඒ අනුව, සම්පූර්ණයෙන්ම මිලියන 1.05කට ආසන්න සිසුවියන් සංඛ්‍යාවක් මෙයින් ප්‍රතිලාභ ලබන බව සඳහන් වේ.
මෙම වැඩසටහන යටතේ එක් සිසුවියකට වාර්ෂිකව රුපියල් 1,440ක වටිනාකමක් හිමිවන අතර, රුපියල් 720 බැගින් වූ තිළිණ පත් දෙකක් ලබා දීමට නියමිතය.
එම තිළිණ පත් භාවිතා කරමින් සිසුවියන්ට තම අවශ්‍යතාවය අනුව සනීපාරක්ෂක තුවා මිලදී ගැනීමට හැකි වන අතර, රුපියල් 120/- බැගින් වූ තුවා 08ක් සහිත පැකට 12 ක් හෝ රුපියල් 180/- බැගින් වූ තුවා 10ක් සහිත පැකට් 08ක් වර්ෂය තුළ දී මිල දී ගැනීමට අවස්ථාව සැලසේ.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස කටයුතු කරන ගුරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබාදී තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත 2026.05.12 දින පැමිණෙන ලෙසට ලිපියක් මගින් දන්වා ඇත.
2026 වසරේ දෙවන හා තෙවන කාර්තු වලට අදාළව ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 180ට වැඩි විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි ගාස්තු සියයට 18කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.