හෝමාගම, කොට්ටාව ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 24ක ජල කප්පාදුවක්
හෝමාගම, කොට්ටාව, ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට (24) ප.ව. 6 සිට අනිද්දා (25) ප.ව. 6 දක්වා පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සැකකටයුතු ලෙස මියගොස් ඇති බවට පොලීසිය විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.
කොළඹ 03, කොල්ලුපිටිය, පේද්‍රිස් පාර, අංක 37 ලිපිනයේ පිහිටි නිවසක තිබී අද (08) උදෑසන කපිල චන්ද්‍රසේන ගේ මළ සිරුර පොලීසිය විසින් සොයා ගැණිනි.
මෙම නිවස හිටපු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා ගේ නිවස යි.
මෙම නිවසේ දෙවැනි මහලේ කාමරයක් තුල මෙම මරණය සිදුව ඇති අතර එම කාමරයේ ඇතුලින් පිහිටා ඇති නාන කාමරයට ඇතුලු වන දොරෙහි පටියක් සිරකර ඇති ආකාරයක් දක්නට ඇති අතර, දොර අසල පුටුවක් ඇති අතර මරණකරු බිම ඉදගෙන පුටුව මත හිස තබාගෙන සිටින ආකාරයෙන් නිරීක්ෂනය වෙන අතර මරණකරුගේ ගෙලෙහි කැඩී වෙන්වී ඇති පටියක් ඇති අතර එය දොරෙහි හිරකර ඇති පටියේ කොටසක් බවට නිරීක්ෂණය වන බව පොලිස් 'බී' වාර්තාවේ සඳහන් වේ.
මරණකරු අංක 196433810075 දරණ ජාතික හැදුනුම්පත හිමි අංක 71/04, ඛාන්ස් පෙදෙස, කොළඹ 07 ලිපිනයේ පදිංචි කපිල චන්ද්‍රෙස්න යන අය බවට හදුනාගනු ලැබූ බවද පොලිස් බී වාර්තාවේ දැක්වේ
අපරාධ ස්ථානය අධිකරණ වෛද්‍ය කාර්යාලයේ නිළධාරීන්, ඇගිලි සටහන් කාර්යාලයේ නිළධාරීන් හා අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ නිළධාරීන් කැදවා පරීක්ෂා කිරීමට කටයුතු කර ඇති අතර පොලිස් නිළ සුනඛ කොට්ඨාශයේ නිල සුනඛයන් ගෙන්වා පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතින අතර මෙම මරණය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන සදහා සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ සටහන් කරමින් පවතින බවද පොලිසිය අධිකරණයට දැනුම් දී තිබේ.
මෙම මරණය සියදිවි නසා ගැනීමක් ද, නැතහොත් යම් සාහසික ක්‍රියාවකින් සිදු කරන ලද මරණයක්ද යන්නට අනාවරණය කර ගැනීම සදහා විමර්ෂනයක් සිදු කරන අතර එකී විමර්ෂන කටයුතු සදහා මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍ය බව පොලිසිය පවසයි.
මේ වන විට මෘත ශරීරය ඇති අංක 37, පේදිරිස් පාර, කොළඹ 03 ලිපිනයේ ස්ථාන පරීක්ෂාවක් සිදු කර මෘත ශරීරය සම්බන්ධයෙන් වෛද්‍ය මණ්ඩලයක් ඉදිරියේදී පශ්චාත් මරණ පරීක්ෂනයක් සිදු කර මරණයට හේතුව ගරු අධිකරණයට වාර්ථා කිරීමටත්, පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය සම්බන්ධයෙන් අවසන් කටයුතු සිදු කිරීමට මරණකරුගේ බිරිඳ වන අංක අංක 71/04, ඛාන්ස් පෙදෙස, කොළඹ 07 ලිපිනයේ පදිංචි ප්‍රියංගි අනුෂ්කා විජේනායක යන අයට මුදවා හැරීමට නියෝගයක් නිකුත් කරන මෙන් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හෝමාගම, කොට්ටාව, ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට (24) ප.ව. 6 සිට අනිද්දා (25) ප.ව. 6 දක්වා පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
කෙටි කාලීන ඩෙංගු මර්දනය සඳහා රාජ්‍ය ආයතන, පාසල් සහ පළාත් පාලන ආයතන ආවරණය වන පරිදි ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ චක්‍රලේඛ නිකුත් කිරීමටත්, ජූනි 24, 25 සහ 26 යන තෙදින තුළ ග්‍රාම නිලධාරී වසම් 600ක් ආවරණය වන පරිදි ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් රජය තීරණය කර තිබේ.
කොටහේන ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 03කට අධික ප්‍රමාණයක් සහ හෙරෝයින් තොගයක් සමග පුද්ගලයෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.