කොළඹ 03, කොල්ලුපිටිය, පේද්‍රිස් පාර, අංක 37 ලිපිනයේ පිහිටි නිවසක තිබී අද (08) උදෑසන කපිල චන්ද්‍රසේන ගේ මළ සිරුර පොලීසිය විසින් සොයා ගැණිනි.
මෙම නිවස හිටපු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා ගේ නිවස යි.
මෙම නිවසේ දෙවැනි මහලේ කාමරයක් තුල මෙම මරණය සිදුව ඇති අතර එම කාමරයේ ඇතුලින් පිහිටා ඇති නාන කාමරයට ඇතුලු වන දොරෙහි පටියක් සිරකර ඇති ආකාරයක් දක්නට ඇති අතර, දොර අසල පුටුවක් ඇති අතර මරණකරු බිම ඉදගෙන පුටුව මත හිස තබාගෙන සිටින ආකාරයෙන් නිරීක්ෂනය වෙන අතර මරණකරුගේ ගෙලෙහි කැඩී වෙන්වී ඇති පටියක් ඇති අතර එය දොරෙහි හිරකර ඇති පටියේ කොටසක් බවට නිරීක්ෂණය වන බව පොලිස් 'බී' වාර්තාවේ සඳහන් වේ.
මරණකරු අංක 196433810075 දරණ ජාතික හැදුනුම්පත හිමි අංක 71/04, ඛාන්ස් පෙදෙස, කොළඹ 07 ලිපිනයේ පදිංචි කපිල චන්ද්‍රෙස්න යන අය බවට හදුනාගනු ලැබූ බවද පොලිස් බී වාර්තාවේ දැක්වේ
අපරාධ ස්ථානය අධිකරණ වෛද්‍ය කාර්යාලයේ නිළධාරීන්, ඇගිලි සටහන් කාර්යාලයේ නිළධාරීන් හා අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ නිළධාරීන් කැදවා පරීක්ෂා කිරීමට කටයුතු කර ඇති අතර පොලිස් නිළ සුනඛ කොට්ඨාශයේ නිල සුනඛයන් ගෙන්වා පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතින අතර මෙම මරණය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන සදහා සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ සටහන් කරමින් පවතින බවද පොලිසිය අධිකරණයට දැනුම් දී තිබේ.
මෙම මරණය සියදිවි නසා ගැනීමක් ද, නැතහොත් යම් සාහසික ක්‍රියාවකින් සිදු කරන ලද මරණයක්ද යන්නට අනාවරණය කර ගැනීම සදහා විමර්ෂනයක් සිදු කරන අතර එකී විමර්ෂන කටයුතු සදහා මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍ය බව පොලිසිය පවසයි.
මේ වන විට මෘත ශරීරය ඇති අංක 37, පේදිරිස් පාර, කොළඹ 03 ලිපිනයේ ස්ථාන පරීක්ෂාවක් සිදු කර මෘත ශරීරය සම්බන්ධයෙන් වෛද්‍ය මණ්ඩලයක් ඉදිරියේදී පශ්චාත් මරණ පරීක්ෂනයක් සිදු කර මරණයට හේතුව ගරු අධිකරණයට වාර්ථා කිරීමටත්, පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය සම්බන්ධයෙන් අවසන් කටයුතු සිදු කිරීමට මරණකරුගේ බිරිඳ වන අංක අංක 71/04, ඛාන්ස් පෙදෙස, කොළඹ 07 ලිපිනයේ පදිංචි ප්‍රියංගි අනුෂ්කා විජේනායක යන අයට මුදවා හැරීමට නියෝගයක් නිකුත් කරන මෙන් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.