තද වැසි සහ සුළං තවදුරටත්
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
ගාල්ල හිනිදුම මහාබෝධිවත්ත ප්‍රදේශයේ භාවිත නොකරන හෝටලයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තුන්දෙනෙකු මියගොස් තිබේ.
පොලිසිය සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ(30) රාත්‍රියේ වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
වෙඩි තැබිමෙන් තුවාල ලැබු පුද්ගලයින් තුන්දෙනා එම ස්ථානයේම මියගොස් තිබේ.
පොලිසිය සඳහන් කළේ පුද්ගලයින් 05 දෙනෙකු එම ස්ථානයේ ඊයේ(30) රාත්‍රීයේ 11 ට පමන මත්පැන් පානය කරමින් සිට ඇති බවයි. පසුව එම ස්ථානයට පැමිණි තුවක්කු කරු T56 ගිනි අවියකින් වෙඩි ප්‍රහාර 15 කට ආසන්න සංඛ්‍යාවක් එල්ල කර තිබේ.
වෙඩි තැබූ ස්ථානයේ සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු පලාගොස් දිවි බේරාගෙන ඇතැයි පොලිසිය සදහන් කළේ ය.
මෙලෙස වෙඩි වැදිමෙන් මියගොස් ඇත්තේ නවාතැන්පලේ හිමිකරු වන 55 හැවිරිදි මහාබෝධිවත්ත පනංගල පදිංචි පුද්ගලයෙක් වන අතර අනෙක් පුද්ගලයින් දෙදෙනා හිනිදුම හා අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.
පොලිසිය සදහන් කළේ වෙඩි තැබීම සිදුවු ස්ථානය කලක් හෝටලයක් ලෙසට භාවිතා කර අත්හැර තිබු ස්ථානයක් බවයි.
newsfirst.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (02) රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඩෙවෝන් දිය ඇල්ලට ජලය සපයන ඩෙවෝන් ඇළ පිටාර ගොස් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ සහ ලොග්ගිල් වතුයායේ නිවාස 40ක් ජලයෙන් යටවී තිබේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 3 යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.