සරම්ප නිසා බංග්ලාදේශයේ ළමුන් දහසකට වඩා මරුට
බංග්ලාදේශය පුරා පැතිර යමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් ළමුන් 1,000කට අධික පිරිසක් මියගොස් ඇති අතර, හදිසි එන්නත්කරණ වැඩසටහනක් ක්රියාත්මක කළද නව ආසාදිතයන් වාර්තා වීම යළි ඉහළ යමින් පවතී.
ගාසා තීරයේ පාසලකට ඊශ්රායලය එල්ල කළ ප්රහාරයකින් 20 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
ගාසා තීරයේ පාසලකට ඊශ්රායලය එල්ල කළ ප්රහාරයකින් 20 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
මෙලෙස මිය ගිය අය අතර කුඩා දරුවන් විශාල පිරිසක් සිටිනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පවත්වාගෙන යන පාසලකට මෙම ප්රහාරය එල්ල වුණා.
මධ්යම ගාසා තීරයේ අවතැන් වූවන් සිය ගණනක් එම පාසලේ රැඳීසිට තිබෙනවා.
කෙසේ වෙතත් ඊශ්රායල හමුදාව පවසන්නේ තමන් හමාස් ඉලක්කයක් වෙත ප්රහාර එල්ල කල බවයි.
එහෙත් හමාස් සංවිධානය පවසන්නේ ඊශ්රායල යුද ගුවන් යානයක් නුසෙයිරාට් සරණාගත කඳවුරේ පිහිටි මෙම පාසලේ ඉහළ මහලේ පන්ති කාමර වෙත මිසයිල ප්රහාර දෙකක් එල්ල කළ බවයි.
මෙම ප්රහාර එල්ල වූයේ ඇමරිකාව, ඊජිප්තුව හා කටාර් රාජ්යයේ මැදිහත්වීමෙන් සටන් විරාමයක් පිළිබඳ සාකච්චා දෝහා සහ කයිරෝහි දී පැවැත්වෙන අතරතුරයි.
ඔක්තෝබර් 7 වනදා සිට ගාසා තිරයට එල්ල වන ප්රහාරවලින් පලස්තීන වැසියන් 36,580 ක් මිය ගොස් තිබෙනවා.
ඊශ්රායලයේ පුද්ගලයන් 1,200 ක් මියගොස් තිබෙනවා.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බංග්ලාදේශය පුරා පැතිර යමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් ළමුන් 1,000කට අධික පිරිසක් මියගොස් ඇති අතර, හදිසි එන්නත්කරණ වැඩසටහනක් ක්රියාත්මක කළද නව ආසාදිතයන් වාර්තා වීම යළි ඉහළ යමින් පවතී.
පිලිපීනයේ මගී නෞකාවක ගින්නක් හටගැනීමෙන් පුද්ගලයන් පස්දෙනෙකු මියගොස් තවත් 86 දෙනෙකු අතුරුදන්ව තිබේ.
ඉන්දියාවේ නවදිල්ලි නුවර සත්ය නිකේතන් ප්රදේශයේ පස්මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් මියගිය සංඛ්යාව 6 දක්වා ඉහළ ගොස් තිබේ.