PHP පද්ධතියේ ආරක්ෂක දුර්වලතා ගැන CERT අනතුරු අඟවයි
PHP මෘදුකාංගය භාවිත කර නිර්මාණය කර ඇති පද්ධතිවල පවතින ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් සයිබර් ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම උදෙසා වැදගත් පියවරක් ලෙස නව ගිවිසුම් තුනකට අත්සන් තබා තිබේ.
මෙරට නිල සංචාරයක නිරතව සිටින ඉන්දියානු ආරක්ෂක අමාත්‍ය ශ්‍රී රාජ්නාත් සිං සහ ජනපති අනුර කුමාර දිසානායක අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති හමුවේ දී මෙම ගිවිසුම්වලට අත්සන් තබා ඇත.
දෙරට අතර පවතින ආරක්ෂක, ආර්ථික, සාගර සහ කලාපීය හවුල්කාරිත්වය මෙන්ම, දෙරටෙහි ඓතිහාසික සබඳතා අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ සැලසෙන අයුරින් තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
විෂ මත්ද්‍රව්‍ය උවදුර මැඬලීම වෙනුවෙන් ශ්‍රී ලංකාව මේ වන විට ආරම්භ කර ඇති ජාතික වැඩසටහන පිළිබඳව පැහැදිලි කරමින්, ඉන්දියානු සාගරය මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා කේන්ද්‍රස්ථානයක් වී ඇති බැවින් ශ්‍රී ලංකාවේ විෂ මත්ද්‍රව්‍ය විරෝධී වැඩපිළිවෙළ සඳහා ඉන්දියාවේ පූර්ණ සහාය අපේක්ෂා කරන බවද ජනපති අනුර කුමාර දිසානායක එහිදී සඳහන් කර ඇත.
ඉන්දියානු සාගර කලාපය සාමකාමීව පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාවේ අඛණ්ඩ සහාය ලබා දෙන බවත්, ශ්‍රී ලංකාව ස්වෛරී රාජ්‍යයක් ලෙස තීන්දු තීරණවලට එළැඹෙන්නේ ජාතික අවශ්‍යතා මෙන්ම කලාපීය අවශ්‍යතාද සැලකිල්ලට ගනිමින් බවත් එහිදී අවධාරණය කර තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
PHP මෘදුකාංගය භාවිත කර නිර්මාණය කර ඇති පද්ධතිවල පවතින ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් සයිබර් ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
අන්තර්ජාලයේ වෙබ් අඩවි රැසක් ක්රියාත්මක කිරීම සඳහා භාවිත කරන PHP පරිගණක භාෂාවේ දශකයකට වැඩි කාලයක් හඳුනා නොගත් බරපතළ ආරක්ෂක දුර්වලතා කිහිපයක් කෘත්රිම බුද්ධිය (AI) භාවිතයෙන් හඳුනාගෙන තිබේ.
දැදුරු ඔය ද්රෝණියේ ඉහළ හා මධ්ය ප්රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතුවෙන් දැදුරු ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්නව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.