වයඹදිග චීනයේ, ජිලිංග් පළාතේ චංචුංග් අගනුවර අධිවේගී මාර්ගයක ගමන් කළ සිටි බල්ලන් හත් දෙනකුගෙන් සමන්විත බලු රංචුවක් මේ වනවිට සමාජ මාධ්‍යයේ වෛරල් වෙමින් පවතී.

සුනඛ මාංශ අලෙවි කරන කඩයකට අලෙවි කිරීම පිණිස සොරකම් කළ මෙම බල්ලන් මස් කිරීම සදහා ගෙන යමින් සිටිද්දී, බේරී කිලෝ මීටර් 17 ක් ඈතින් ඔවුන්ගේ හිමිකරුවන් සිටි ගම්මානය බලා යෑම වීඩියෝව හරහා දකින්න ලැබේ.

මෙම වීඩියෝව අන්තර්ජාලය හරහා මිලියන ගණනකගේ හදවත් දිනා ගත් අතර, ශක්තිමත් සත්ව ආරක්ෂණ නීති සඳහා ඉල්ලීම් ද ඒ අනුව දැඩි වෙමින් පවතින බව South China Morning Post පුවත් වෙබ් අඩවිය වර්ර්තා කරයි.

මෙම කණ්ඩායමට ගෝල්ඩන් රිට්‍රීවර්ස්, ලැබ්‍රඩෝ සහ පෙකිනීස් සුනඛයන් ද ඇතුළත් විය.

ඉදිරිපස සිටි කෝර්ගි වර්ගයේ සුනඛයා කණ්ඩායමට නායකත්වය දෙමින් කිසිවෙකු ඉතිරි නොවන බව සහතික කිරීම සඳහා නැවත නැවතත් ආපසු හැරී බලමින් ගමන් කරන අයුරු දක්නට ලැබේ.

දර්ශනවල දැක්වෙන පරිදි, සුනඛයන් කණ්ඩායම අතර තුවාල ලැබූ ජර්මන් ෂෙපර්ඩ් සුනඛයෙක් ද සිටී. ඌ තුවාල වී සිටින බව දකින්න ලැබේ.

සෙසු බල්ලන් ඌ වට කර ගනිමින්, ආරක්ෂාව දෙමින් අධිවේගී මාර්ගය දිගේ ගමන් කර කෙසේ හෝ නිවෙස් කරා ගිය බව පැවැසෙයි.

 

 

 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.