පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් සංවිධානය කරනු ලබන සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි දින නියමයක් නොමැතිව කල්දමා ඇති බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ඒ අනුව අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලිය, ‘බී‘ කොටසේ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සහ ආණ්ඩුකාර කුසලාන තරගාවලිය ද දින නියමයක් නොමැතිව කල්දමා තිබේ.

වැසි සහිත කාලගුණ තත්ත්වය පහවයෑමෙන් පසුව සංශෝධිත තරග කාලසටහන් නිවේදනය කරන බව ක්‍රිකට් ආයතනය පවසයි.

 

 

 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.