ගමන් වියදම් දීමනාව ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දිවයින පුරා ග්‍රාම නිලධාරීන් හෙට (10) සහ අනිද්දා (11) යන දෙදින අසනීප නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීමට තීරණය කර තිබේ.

කොළඹදී අද (09) පැවති මාධ්‍ය හමුවකදී ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානයේ සභාපති නන්දන රණසිංහ සඳහන් කළේ, ග්‍රාම නිලධාරීන්ට දැනට ලබාදෙන රුපියල් 600ක ගමන් වියදම් දීමනාව වසර අටකින් සංශෝධනය කර නොමැති බවයි.

එම දීමනාව වෙනුවට ඉන්ධන ලීටර් 20කට සමාන දීමනාවක් ලබාදීමට 2024 වසරේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබුණද, එය මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බව ඔහු පැවසීය.

අදාළ තීරණය ක්‍රියාත්මක නොකිරීමට විරෝධය පළ කරමින් දිවයිනේ සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි ග්‍රාම නිලධාරීන් මෙම දෙදින වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කිරීමට තීරණය කළ බව නන්දන රණසිංහ සඳහන් කළේය.
 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.