වාහන ආනයන බදු මත පැනවූ 50%ක අධිභාරය දීර්ඝ කෙරේ
වාහන ආනයනයේදී අය කරනු ලබන බදු මත පනවා ඇති 50%ක අධිභාරය තවදුරටත් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.
නීති විරෝධීව විෂ රසායනික ද්‍රව්‍ය යොදා පළතුරු ඉදවීම නතර කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන හඳුන්වාදීමට කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවකදී අමාත්‍ය වසන්ත සමරසිංහ මේ බව ප්‍රකාශ කර තිබේ.
විෂ රසායනික ද්‍රව්‍ය යොදා ඉදවීම සිදුකළ පලතුරු වෙළෙඳපොළේ අලෙවි කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියට පැමිණිලි රැසක් ලැබී ඇති බව එහිදී ඔහු පෙන්වා දී ඇති අතර ඊළඟ පියවරේදී මෙවැනි විද්‍යාකූල නොවන, අනුමත නොවන ක්‍රමවලට පලතුරුවලට විෂ රසායනික ද්‍රව්‍ය යොදන ස්ථාන වැටලීමට කටයුතු කරන බවද පැවසීය.
අදාළ දැනුම්වත් කිරීම් සිදුකර ඇති අවස්ථාවකත් වෙළෙඳුන් මෙම ක්‍රමවේදය දිගින් දිගටම සිදුකරන්නේ නම්, ඊට අදාළව නඩු දැමීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
වාහන ආනයනයේදී අය කරනු ලබන බදු මත පනවා ඇති 50%ක අධිභාරය තවදුරටත් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.
2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසුන්ගේ විශ්වවිද්‍යාල ලියාපදිංචිය අදින් (14) අවසන් බව ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කරයි.
මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක අද (14) දිනයේදී අවධානය යොමු කළයුතු මට්ටමක් දක්වා ඉහළ යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.