පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවකදී අමාත්‍ය වසන්ත සමරසිංහ මේ බව ප්‍රකාශ කර තිබේ.
විෂ රසායනික ද්‍රව්‍ය යොදා ඉදවීම සිදුකළ පලතුරු වෙළෙඳපොළේ අලෙවි කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියට පැමිණිලි රැසක් ලැබී ඇති බව එහිදී ඔහු පෙන්වා දී ඇති අතර ඊළඟ පියවරේදී මෙවැනි විෂ රසායනික ද්‍රව්‍ය යොදා ගන්නා ස්ථාන වැටලීමට කටයුතු කරන බවද පැවසීය.
අදාළ දැනුම්වත් කිරීම් සිදුකර ඇති අවස්ථාවකත් වෙළෙඳුන් මෙම ක්‍රමවේදය දිගින් දිගටම සිදුකරන්නේ නම්, ඊට අදාළව නඩු දැමීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.