CLOSE

ප්‍රවීණ ඉන්දීය රංගන ශිල්පී සහ චිත්‍රපට නිෂ්පාදක නානා පටේකාර් හෘදයාබාධයක් වැළඳීම හේතුවෙන් ගෝවාහි පිහිටි සිය නිවසේදී අභාවප්‍රාප්ත වී තිබේ.

අභාවප්‍රාප්ත වන විට ඔහු 75 වන වියෙහි පසුවුණි.

ඔහු රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිනිත්තු 45 කට ආසන්න කාලයක් පුරා වෛද්‍යවරුන් ඔහු ප්‍රකෘති තත්ත්වයට ගැනීමට උත්සාහ කළද කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

1951 ජනවාරි 1 වන දින මහාරාෂ්ට්‍රයේ උපත ලැබූ නානා පටේකාර්, සංකීර්ණ චරිත නිරූපණය සඳහා ප්‍රකට නළුවෙකු ලෙස බොලිවුඩය තුළ ප්‍රසිද්ධත්වයක් උසුලයි.

 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.