ශ්‍රී ලංකාවට ලකුණු 51ක පරාජයක්
20- 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ ශ්‍රී ලංකාව මුහුණදුන් පළමු තරගයෙන් ලකුණු 51ක පරාජයක් ශ්‍රී ලංකාවට හිමිවිය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට පත්කළ විනිසුරු චිත්‍රසිරි කමිටුව විසින් සකස්කළ පනත් කෙටුම්පත අද (15) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත බාර දෙනු ලැබීය.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දෙන ගැටළු පිළිබඳ සොයා බලා ඒ පිළිබද නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් 2023.11.06 දින අනුකමිටුවක් පත් කරන ලදී. එම අනුකමිටුව විසින් ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ සියළු පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීමෙන් පසු සිය නිර්දේශ ඇතුළත් වාර්තාව 2024.01.08 දින අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබීය.එම නිර්දේශ මඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංයුතිය හා ව්‍යූහය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳවත්, ජාතික පිරිමි හා කාන්තා කණ්ඩායම්, 19න් පහළ හා 17න් පහළ වයස් කාණ්ඩ ඇතුළු විවිධ මට්ටම්වල ක්‍රීඩකයන්ගේ පරිපාලනය, පුහුණුව හා සමස්ත යහපැවැත්ම පිළිබඳවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව තුළ විනිවිදභාවය, වෘත්තීයභාවය වගවීම ආදී යහපාලනයන් හා යහ භාවිතයන් ප්‍රවර්ධනය පිළිබඳවත්, කුසලතාවය, සමානාත්මතාවය හා සාධාරණත්වය වැළඳ ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් හි පෝෂණ ව්‍යූහය එනම් පාසල්, දිස්ත්‍රික්, පළාත් හා සමාජ මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳවත් යෝජනා ඉදිරිපත් කරන ලදී.
ඒ අනුව එම අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ නිර්දේශ සහිත වාර්තාව පදනම් කරගනිමින් අමාත්‍ය මණ්ඩලය විසින් 2024 පෙබරවාරි 13 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම පිණිස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටි. චිත්‍රසිරි ගේ ප්‍රධානත්වයෙන් යුතුව ජනාධිපති නීතීඥ හර්ෂ අමරසේකර, නීතිඥ ආචාර්ය අරිත්ත වික්‍රමනායක, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව යන අය සහ අධිකරණ අමාත්‍යවරයා විසින් නාම යෝජිත පරිදි නිතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහ සහ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් සහකාර නීති කෙටුම්පත් සම්පාදක ශමිලා ක්‍රිෂාන්ති යන පිරිසගෙන් සමන්විතව විද්වත් කමිටුවක් පත් කරන ලදී.
ජනාධිපති ලේකම් විසින් එම කමිටුවේ ලේකම්/කැඳවුම්කරු ලෙස ජනාධිපති අතිරේක ලේකම් ලෝෂිණී පීරිස් පත්කරන ලදී.
කමිටුවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි විසින් පනත් කෙටුම්පත ජනාධිපතිවරයා වෙත භාර දුන් අතර කමිටුවේ සෙසු සාමාජිකයන් ද, ජාතික ආරක්ෂාව පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති සහකාර ලේකම් (අමාත්‍ය මණ්ඩල කටයුතු) සමිත් තලකිරියාව යන අය ද එක්ව සිටියහ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
20- 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ ශ්‍රී ලංකාව මුහුණදුන් පළමු තරගයෙන් ලකුණු 51ක පරාජයක් ශ්‍රී ලංකාවට හිමිවිය.
සුපිරි 8 දෙනාගේ තරග වටයේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය අද (22) පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතයි.
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරගය අද (19) පස්වරු 3.00ට ආර්.ප්‍රේමදාස ක්‍රීඩාගණයේ දී ආරම්භ වීමට නියමිතය.