'2026 Lanka Premier League' තරගාවලිය අද ඇරඹේ : ජැෆ්නා කිංග්ස් හිමිකරු අත්අඩංගුවට
2026 ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය කොළඹ SSC ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වේ.
රාජ්ෂාහි හි පැවති තුන්වන සහ අවසාන එක්දින තරගයේදී බංග්ලාදේශ කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායම කඩුලු 7 කින් පරාජය කරමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ශක්තිමත් තරගාවලි ජයක් ලබා ගත්තේ ය.
මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායම 2-1 ක් ලෙස තරගාවලිය ජයග්‍රහණය කළහ.
පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශය ඕවර 50 කදී කඩුලු 8ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 213කි.
කැපී පෙනෙන දස්කම් දැක්වූ සෝභනා මොස්ටාරි ය පන්දු 80 කදී ලකුණු 74 ක් රැස් කළ අතර හතරේ පහර 8 ක් එල්ල කළා ය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් කවිෂා දිල්හාරි කඩුලු තුනක් දවා ගත් අතර නිමාෂා මීපගේ කඩුලු දෙකක් දවා ගත්තාය.
ලකුණු 214ක් හඹා යමින් හසිනි පෙරේරා සහ ඉමේෂා දුලානි දෙවන කඩුල්ල සඳහා ලකුණු 108ක විශිෂ්ට සබඳතාවක් පවත්වමින් තරගය පාලනය අතට ගත් හ.
දුලානි පන්දු 79කදී ලකුණු 56ක් ලබා ගනිමින් දැවී ගිය අතර පෙරේරා ශතකයකට පෙනී පෙනී දැවී ගියේ පන්දු 131කදී හතරේ පහර 13ක් සමඟින් ලකුණු 95ක් ලබා ගනිමිනි.
අවසානයේ හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 44ක් ලබා තම කණ්ඩායම ජයග්‍රහණය කරා පහසුවෙන් ගෙන ගියා ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2026 ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය කොළඹ SSC ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වේ.
ඇමරිකාවේ කැන්සාස් සිටි ක්‍රීඩාංගණයේදී පැවැති 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ 'ජේ' කාණ්ඩයේ සමාරම්භක තරගයේදී ඇල්ජීරියාවට එරෙහිව විශිෂ්ට ගෝල ත්‍රිත්වයක් ලබා ගැනීමට ආර්ජන්ටිනා සුපිරි ක්‍රීඩක ලයනල් මෙසී සමත් විය.
සබිනා පාර්ක් ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඇද හැලුණු වර්ෂාව නිසා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතව තිබූ දෙවන එක්දින ක්‍රිකට් තරගය සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට තීරණය කර තිබේ.