CLOSE

ස්විස්ටර්ලන්තයේ ලුසෑන්හි පැවති ඩයමන් ලීග් තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරිමේ ඉසව්වේ ජය ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග පතිරගේ සමත් වී තිබේ.

ඔහු මෙම ඉසව්ව ජය ගත්තේ මීටර් 88.14ක දුරක් හෙල්ලය විසිකරමින්.

දෙවන ස්ථානයට පත්වු ඉන්දියාවේ නිරාජ් චොප්රා මීටර් 88.05ක දක්ෂතාවක් වාර්තා කිරීමට සමත්විය.

මීටර් 86.69ක දුරක් වාර්තා කළ ඇන්ඩසන් පීටර් ට තුන්වන ස්ථානය හිමිවිය.

 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.