ලාෆ්ස් ගෑස් මිල පහළට
ලාෆ්ස් ගෑස් මිල ගණන් පහත දැමීමට එම සමාගම කටයුතු කර තිබේ.
මධ්‍යම පරිසර අධිකාරිය අද (18) පෙරවරු 7.30ට නිකුත් කළ වායු ගුණාත්මක දර්ශකයට අනුව, දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු දූෂණ මට්ටම සෞඛ්‍යයට අහිතකර තත්ත්වයකට පත්ව තිබේ.
එම දර්ශකයේ ඉහළම අගය වන 186 යාපනයෙන් වාර්තා වී ඇති අතර, කිලිනොච්චියෙන් 170ක්, බත්තරමුල්ලෙන් 166ක්, අනුරාධපුරයෙන් 165ක් සහ හලාවතින් 162ක් ලෙස අගයන් සටහන් වී ඇත.
මීට අමතරව, ත්‍රිකුණාමලයෙන් 156ක් සහ අක්කරපත්තුවෙන් 154ක් වාර්තා වී ඇති අතර, එම ප්‍රදේශවල ද වායු ගුණාත්මකභාවය සෞඛ්‍යයට අහිතකර මට්ටමක පවතී.
මේ අතර, ඇල්ල ප්‍රදේශයේ වායු ගුණාත්මක දර්ශක අගය 101ක් ලෙස වාර්තා වී ඇති අතර එය සුළු වශයෙන් අහිතකර මට්ටමට අයත් වේ. රත්නපුර ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අගය 96කි.
වායු ගුණාත්මක දර්ශකයේ 151ත් 200ත් අතර අගයන් සෞඛ්‍යයට අහිතකර මට්ටම ලෙසත්, 101ත් 150ත් අතර අගයන් සුළු වශයෙන් අහිතකර මට්ටම ලෙසත් වර්ගීකරණය කර තිබේ.
ඒ අනුව, වායු දූෂණය ඉහළ ප්‍රදේශවල වෙසෙන ජනතාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවිය යුතු අතර, විශේෂයෙන් ශ්වසන රෝගවලින් පෙළෙන පුද්ගලයන්, ළමුන් සහ වැඩිහිටියන් සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් පිළිපැදීම වැදගත් වේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ලාෆ්ස් ගෑස් මිල ගණන් පහත දැමීමට එම සමාගම කටයුතු කර තිබේ.
ත්‍රිකුණාමලය, ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථාන පරිශ්‍රයේ කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධියට, අධිකරණයේ පෙනී නොසිටීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අද (17) දින ඇප මත මුදාහැර තිබේ.
ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සහ කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය, පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ.