'2026 Lanka Premier League' තරගාවලිය අද ඇරඹේ : ජැෆ්නා කිංග්ස් හිමිකරු අත්අඩංගුවට
2026 ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය කොළඹ SSC ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වේ.
අමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා ඉරාන කණ්ඩායම අනිවාර්යයෙන්ම සහභාගී වනු ඇති බවත් ක්‍රීඩාව සහ දේශපාලනය පටලවා නොගත යුතු බවත් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ පවසයි.
වොෂින්ටන්හි පැවැති ආයෝජන සමුළුවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,
"අපි බලාපොරොත්තු වෙනවා ඒ වන විට කලාපයේ සාමකාමී වාතාවරණයක් පවතිනු ඇති බව. එය ක්‍රීඩාවට ලොකු රුකුලක්. කෙසේ වුවත් ඉරානය තරගාවලියට පැමිණිය යුතුමයි," යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අල් ඛමෙනි ඝාතනය වීමෙන් පසු ඉරාන ක්‍රීඩා අමාත්‍යවරයා ඉකුත් පෙබරවාරියේ පවසා තිබුණේ ඉරානය ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගී නොවන බවය.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර ප්‍රකාශ කර තිබුණේ පවතින ආරක්ෂක තත්ත්වය හමුවේ ඉරානය මෙම තරගාවලියට සහභාගී වීම සුදුසු නොවන බවත්, එය ක්‍රීඩකයන්ගේ ජීවිතවලට පවා අවදානමක් විය හැකි බවත්ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2026 ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය කොළඹ SSC ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වේ.
ඇමරිකාවේ කැන්සාස් සිටි ක්‍රීඩාංගණයේදී පැවැති 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ 'ජේ' කාණ්ඩයේ සමාරම්භක තරගයේදී ඇල්ජීරියාවට එරෙහිව විශිෂ්ට ගෝල ත්‍රිත්වයක් ලබා ගැනීමට ආර්ජන්ටිනා සුපිරි ක්‍රීඩක ලයනල් මෙසී සමත් විය.
සබිනා පාර්ක් ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඇද හැලුණු වර්ෂාව නිසා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතව තිබූ දෙවන එක්දින ක්‍රිකට් තරගය සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට තීරණය කර තිබේ.