විවාදයට එක් නොවන බව සජිත් දැනුම් දෙයි
පළමුව ආර්ථික කමිටු විවාදය සහ ඉන් අනතුරුව නායකත්ව විවාදය යන්න යෝජිත විවාදය සම්බන්ධව තම අනිවාර්ය කොන්දේසිය වන බැවින් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අද (06) රාත්‍රී විවාදයට සහභාගි නොවන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර, ස්වාධින රුපවාහිනී සේවයේ (ITN) සභාපති වෙත අද සවස ලිපියකින් දැනුම් දී ඇත.