නොවැම්බර් 01 සිට TIN අංකය අනිවාර්ය කරයි
2026 නොවැම්බර් 1 වැනිදා සිට පුද්ගලයන් විසින් සිදුකරනු ලබන කාර්යයන් කිහිපයක් සඳහා වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) ඉදිරිපත් කිරීම අනිවාර්ය වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
ඉදිරි දිනවලදී රෝහින්ග්‍යා සංක්‍රමණිකයින් ලක්ෂයක් මෙරටට පැමිණිය හැකි බවට තොරතුරු ලැබී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල ඊයේ (8) පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ ය.
එම අනවසර සංක්‍රමණිකයින් පැමිණීම සම්බන්ධයෙන් බුද්ධි අංශ වාර්තා කර ඇති බව ද මහජන ආරක්ෂක අමාත්‍යවරයා කියා සිටියේ ය.
මුලතිව්, මුල්ලිවයික්කාල් වෙරළ තීරයට ඉකුත් දෙසැම්බර් 19 වන දා දරුවන් 45 දෙනෙක්, කාන්තාවන් 24 දෙනෙක් හා පිරිමි පුද්ගලයින් 46 දෙනෙක් ඇතුළු රෝහින්ග්‍යා සංක්‍රමණිකයින් 115 දෙනෙකු රැගත් බෝට්ටුවක් පැමිණ තිබිණි.
නාවික හමුදාව අදාළ බෝට්ටුව ත්‍රිකුණාමලය වෙත රැගෙන යාමෙන් පසු අධිකරණ නියෝග යටතේ පුද්ගලයින් 103 දෙනෙක් දෙසැම්බර් 23 වන දා මුලතිව් ගුවන් හමුදා කඳවුරේ රැඳවුම් මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණි.
"ඔවුන් මුදල් ගෙවලා තමයි මේ ජාවාරමට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඔවුන් එරට මුදලින් ලක්ෂ 500ක් පමණ ගෙවලා තියෙනවා. ඊට අමතරව මේ ගමනාගමනය සඳහා ඒ රටේ මුදලින් ලක්ෂ 800ක් පමණ සංවිධායකයින්ට ගෙවලා තියෙනවා. මේ සම්බන්ධයෙන් පොලිසියෙන් විමර්ශනයක් කරගෙන යනවා.
"ඔවුන් සරණාගතයින් ලෙස හඳුනාගන්නේ නම් ඒ අනුව කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ජාත්‍යන්තර නීතියට අනුව කටයුතු කරන්නත් අපි සූදානම්. මේ වෙනකොට ඔවුන්ට අවශ්‍ය පහසුකම් කෑමබීම ආගමන විගමන දෙපාර්තමේන්තුව හරහා අපි දීලා තියෙනවා."
"දැනට පොලීසිය පවත්වාගෙන යන විමර්ශන අනුව සහ බුද්ධි අංශ වාර්තා කරලා තියෙන කරුණු අනුව මෙවැනි අනවසර සංක්‍රමණිකයින් ලක්ෂයක් ඉදිරි දිනවලදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ අපේ රටේ සමාජ ප්‍රශ්නයක් ලෙස හඳුනාගන්නවා," යනුවෙන් අමාත්‍ය ආනන්ද විජේපාල ජනවාරි 8 වන දා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2026 නොවැම්බර් 1 වැනිදා සිට පුද්ගලයන් විසින් සිදුකරනු ලබන කාර්යයන් කිහිපයක් සඳහා වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) ඉදිරිපත් කිරීම අනිවාර්ය වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (25) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී (BMICH) ආරම්භ විය.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ පාර්ලිමේන්තු විවාදයේ අවසන් දිනය අදට (25) යෙදී තිබේ.