සිම්බාබ්වේ - ශ්‍රී ලංකා එක්දින තරගාවලි ජය ශ්‍රී ලංකාවට
සිම්බාබ්වේ කණ්ඩායම සමඟ හරාරේ ක්‍රීඩාංගණයේ අද (31) පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කාණ්ඩායම සමත්විය.
සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහි තෙවන හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 140ක පහසු ජයක් ලැබීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අද (11) සමත් විය.
කෙසේ නමුත් තරග 3කින් යුත් තරගාවලිය තරග 2-1ක් ලෙසින් ජයගත්තේ නවසීලන්ත කණ්ඩායමයි.
දිවාරාත්‍රී තරගයක් ලෙසින් ඕක්ලන්ඩ්හි ඊඩ්න් පාර්ක් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 291ක ඉලක්කයට පිළිතුරු ලෙස නවසීලන්තයට පන්දුවාර 29.4කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 150ක් පමණයි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිතර වූ අසිත ප්‍රනාන්දු (3/26), එශාන් මාලිංග (3/35) හා මහීෂ් තීක්ෂණ (3/35) කඩුලු 3 බැගින් දවාගත්තේ ය.
දක්ෂ පිතිහරඹයක නිතර වූ මාර්ක් චැප්මන් අංක 3 පිතිකරු ලෙස පැමිණ ඉනිමේ අවසන් පිතිකරුවා ලකුණු 81ක් රැස්කරගෙන සිටියදී දැවී ගියේ ය.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 තුළදී කඩුලු 8ක් දැවී ලකුණු 290ක් රැස්කිරීමට සමත් විය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සිම්බාබ්වේ කණ්ඩායම සමඟ හරාරේ ක්‍රීඩාංගණයේ අද (31) පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කාණ්ඩායම සමත්විය.
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරගයේදී නියමිත කාලය තුළ පන්දුවාර සංඛ්‍යාව යවා නොතිබීම නිසා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩයක් නියම කර තිබේ.
ශ්‍රී ලංකාවට එරෙහිව පළමුවරට 20යි 20 තරගාවලියක් ජයක් ලබන්නට බංග්ලාදේශ කණ්ඩායමට අද (16) හැකිවුණි.