අදානි සමග ගිවිසුම්ගත වූ බංග්ලාදේශය විදුලිබල අර්බුදයක් ඇතිවීමේ අවධානමක
විදුලිය සැපයීම සඳහා ගිවිසුම්ගතව සිටින ඉන්දීය අදානි සමාගමට ගෙවිය යුතු ඩොලර් මිලියන 500ක හිඟ මුදලක් ගෙවීමේ ප්‍රමාදය නිසා බංග්ලාදේශයේ විදුලිබල අර්බුදයක් ඇතිවීමේ අවධානමක් මතුව තිබේ. මේ අතර ෆයිනෑන්ෂීයල් ටයිම්ස් ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ අදාළ ඩොලර් මිලියන 500 ගෙවන ලෙස අදානි සමාගම බංග්ලාදේශයට තර්ජනය කරමින් ඇති බවයි.