CLOSE

වාහන ආනයනයේදී අය කරනු ලබන බදු මත පනවා ඇති 50%ක අධිභාරය තවදුරටත් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව, හෙට (15) දිනයෙන් අවසන් වීමට නියමිතව තිබූ මෙම අධිභාරය දෙසැම්බර් 31 වැනිදා දක්වා දීර්ඝ කර ඇත.

1988 අංක 83 දරන පනතින් සංශෝධිත රේගු ආඥා පනතේ (235 වැනි අධිකාරය) 10 අ වගන්තිය යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම දීර්ඝ කිරීම සිදුකර තිබේ.

කෙසේ වෙතත්, පසුගිය මැයි 15 වැනිදා හෝ ඊට පෙර ණයවර ලිපි (Letters of Credit) විවෘත කර තිබූ මෝටර් රථ ආනයනයන් සඳහා මෙම නියමය අදාළ නොවන බව සඳහන් වේ.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.