PHP පද්ධතියේ ආරක්ෂක දුර්වලතා ගැන CERT අනතුරු අඟවයි
PHP මෘදුකාංගය භාවිත කර නිර්මාණය කර ඇති පද්ධතිවල පවතින ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් සයිබර් ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
2027 වසරට අදාළ පාසල් වාර සටහන, රජයේ නිවාඩු දින සහ ප්‍රධාන විභාග පැවැත්වෙන කාලසීමා ඇතුළත් අධ්‍යාපන අමාත්‍යාංශයේ අංක 31/2026 දරන චක්‍රලේඛය නිකුත් කර තිබේ.
ඒ අනුව, රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් මෙන්ම පිරිවෙන් සඳහා 2027 වසරේ පාසල් දින 197ක් පැවැත්වීමට සැලසුම් කර ඇත.
සිංහල හා දෙමළ පාසල් සඳහා වාර සටහන මෙසේය:
පළමු වාරය: ජනවාරි 4 සිට අප්‍රේල් 9 දක්වා
දෙවන වාරය: අප්‍රේල් 26 සිට ජූලි 30 දක්වා
තෙවන වාරය: අගෝස්තු 30 සිට දෙසැම්බර් 3 දක්වා
මුස්ලිම් පාසල් සඳහා වාර සටහන වෙනම කාලසීමාවන් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, පළමු සහ දෙවන වාර කිහිපයකට බෙදා පැවැත්වීමට සැලසුම් කර තිබේ.
මේ අතර, 2027 අ.පො.ස. උසස් පෙළ විභාගය අගෝස්තු මාසයේදීත්, සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මාසයේදීත් පැවැත්වීමට නියමිතය.
විශේෂ හේතුවක් මත පාසලක් වසා දැමීමට සිදුවුවහොත්, අහිමි වූ පාසල් දිනය වෙනුවෙන් හිලව් සැසි පැවැත්වීමටද අදාළ චක්‍රලේඛය මගින් උපදෙස් ලබාදී ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
PHP මෘදුකාංගය භාවිත කර නිර්මාණය කර ඇති පද්ධතිවල පවතින ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් සයිබර් ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
අන්තර්ජාලයේ වෙබ් අඩවි රැසක් ක්‍රියාත්මක කිරීම සඳහා භාවිත කරන PHP පරිගණක භාෂාවේ දශකයකට වැඩි කාලයක් හඳුනා නොගත් බරපතළ ආරක්ෂක දුර්වලතා කිහිපයක් කෘත්රිම බුද්ධිය (AI) භාවිතයෙන් හඳුනාගෙන තිබේ.
දැදුරු ඔය ද්රෝණියේ ඉහළ හා මධ්ය ප්රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතුවෙන් දැදුරු ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්නව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.