ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද
ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද (22) පස්වරුවේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබේ.
2027 වසරට අදාළ පාසල් වාර සටහන, රජයේ නිවාඩු දින සහ ප්‍රධාන විභාග පැවැත්වෙන කාලසීමා ඇතුළත් අධ්‍යාපන අමාත්‍යාංශයේ අංක 31/2026 දරන චක්‍රලේඛය නිකුත් කර තිබේ.
ඒ අනුව, රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් මෙන්ම පිරිවෙන් සඳහා 2027 වසරේ පාසල් දින 197ක් පැවැත්වීමට සැලසුම් කර ඇත.
සිංහල හා දෙමළ පාසල් සඳහා වාර සටහන මෙසේය:
පළමු වාරය: ජනවාරි 4 සිට අප්‍රේල් 9 දක්වා
දෙවන වාරය: අප්‍රේල් 26 සිට ජූලි 30 දක්වා
තෙවන වාරය: අගෝස්තු 30 සිට දෙසැම්බර් 3 දක්වා
මුස්ලිම් පාසල් සඳහා වාර සටහන වෙනම කාලසීමාවන් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, පළමු සහ දෙවන වාර කිහිපයකට බෙදා පැවැත්වීමට සැලසුම් කර තිබේ.
මේ අතර, 2027 අ.පො.ස. උසස් පෙළ විභාගය අගෝස්තු මාසයේදීත්, සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මාසයේදීත් පැවැත්වීමට නියමිතය.
විශේෂ හේතුවක් මත පාසලක් වසා දැමීමට සිදුවුවහොත්, අහිමි වූ පාසල් දිනය වෙනුවෙන් හිලව් සැසි පැවැත්වීමටද අදාළ චක්‍රලේඛය මගින් උපදෙස් ලබාදී ඇත.
Term-Plan-2027-Sinhala_20260821_052526_792
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද (22) පස්වරුවේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබේ.
කොළඹ වරාය නගරයේ පාලමක් මත රැඳී සිටි චීන ජාතිකයින් තිදෙනෙකුට පහරදී, ඉන් එක් අයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අවශ්‍යව සිටින චීන ජාතික සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලා තිබේ.
මොණරාගල, කුඹුක්කන ප්‍රදේශයේදී ටිපර් රථයක් සහ ට්‍රැක්ටර් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.