2026 LPL තරගාවලිය ජූලි 17 වනදා සිට
මේවසරේ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය එළඹෙන ජූලි 17 වනදා ආරම්භ වන බව ක්‍රිකට් ආයතනය දැනුම් දෙයි.
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජය කර තෙවැනි හා අවසන් 20-20 ක්‍රිකට් තරගය කඩුලු 9කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (17) දඹුල්ලේ දී සමත් විය.
ඒ සමග තරග 3කින් යුත් තරගාවලිය තරග 2-1ක් ලෙසින් ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.
ශ්‍රී ලංකාව ලැබූ මෙම තරගාවලි ජය සැලකෙන්නේ ශ්‍රී ලංකා - කොදෙව් 20-20 තරග ඉතිහාසයේ ඔවුන් බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ලැබූ පළමු තරගාවලි ජය ලෙසයි.
අද පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 8ක් දැවී ලකුණු 162ක් රැස්කිරීමට සමත් විය.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී තිබියදී තරගයේ 18වැනි පන්දුවාරයේදී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් විය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මේවසරේ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය එළඹෙන ජූලි 17 වනදා ආරම්භ වන බව ක්‍රිකට් ආයතනය දැනුම් දෙයි.
T20 වාර්ෂික කණ්ඩායම් ශ්‍රේණිගතකිරීම්වලට අනුව ලෝක ශූර ඉන්දීය කණ්ඩායම එහි පෙරමුණ තහවුරු කර ගැනීමට සමත්ව තිබේ.
2026 IPL තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් පිතිකරුවෙකු රැස්කළ වේගවත්ම ශතකයේ වාර්තාව අලුත් කිරීමට රයන් රිකෙල්ටන් ඊයේ (29) සමත් විය.