'2026 Lanka Premier League' තරගාවලිය අද ඇරඹේ : ජැෆ්නා කිංග්ස් හිමිකරු අත්අඩංගුවට
2026 ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය කොළඹ SSC ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වේ.
මංගල ටෙස්ට් තරගයේ සිට අඛණ්ඩව වැඩිම අවස්ථා ගණනකදී ලකුණු 50 සීමාව පසු කළ පිතිකරුවා ලෙස කමිදු මෙන්ඩිස් අද වාර්තා අතරට එක්විය. ඒ අද පැවති ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී නොදැවී ලකුණු 51ක් රැස් කරමිනි. ඔහු තරග 8කදී එම දක්ෂතාවය පෙන්නුම් කළේය.
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද(26) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ විය.
මෙම තරගාවලියේ පළමු තරගය ලකුණු 63කින් ජය ගත් ශ්‍රී ලංකාව තරග 1ට 0ක් ලෙස මේ වනවිට තරගාවලියේ පෙරමුණේ පසුවෙයි.
කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.
ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ලේ සබඳතාවය ලකුණු 2කට සීමා කරමින් පැතුම් නිස්සංක එක් ලකුණකට පිටියෙන් ඉවත් විය.
දෙවැනි කඩුල්ලට දිමුත් කරුණාරත්න සහ දිනේෂ් චන්දිමාල් එක් කළ සබදතාවය ලකුණු 122කි. දිමුත් ලකුණු 46ක් ලබා ගත්තේය.
දිනේෂ් චන්දිමාල් 15 වැනි ටෙස්ට් ශතකය සමග ලකුණු 116ක් රැස් කිරීමට සමත් විය. ඔහුගේ ඉනිමට 4 පහර 15ක් ඇතුළත් විය.
ඇන්ජලෝ මැතිව්ස් 44වැනි ටෙස්ට් අර්ධ ශතකය සමග නොදැවී ලකුණු 78ක් ලබා ගත්තේය.
පළමු දිනය සදහා තරගය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුළු 3කට රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 306ක්.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2026 ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය කොළඹ SSC ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වේ.
ඇමරිකාවේ කැන්සාස් සිටි ක්‍රීඩාංගණයේදී පැවැති 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ 'ජේ' කාණ්ඩයේ සමාරම්භක තරගයේදී ඇල්ජීරියාවට එරෙහිව විශිෂ්ට ගෝල ත්‍රිත්වයක් ලබා ගැනීමට ආර්ජන්ටිනා සුපිරි ක්‍රීඩක ලයනල් මෙසී සමත් විය.
සබිනා පාර්ක් ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඇද හැලුණු වර්ෂාව නිසා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතව තිබූ දෙවන එක්දින ක්‍රිකට් තරගය සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට තීරණය කර තිබේ.