ශ්‍රී ලංකාවට ලකුණු 51ක පරාජයක්
20- 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ ශ්‍රී ලංකාව මුහුණදුන් පළමු තරගයෙන් ලකුණු 51ක පරාජයක් ශ්‍රී ලංකාවට හිමිවිය.
ඔලිම්පික් ක්‍රීඩා උලෙළට (2024) නිර්දේශ ලබා ගැනීමේ අරමුණින් මෙරට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් ඉදිරි දිනවලදීත් විදේශ සංචාර කීපයකට සහභාගිවීමට සැලසුම් කර තිබේ.
ඔලිම්පික් ක්‍රීඩා උලෙළට (2024) නිර්දේශ ලබා ගැනීමේ අරමුණින් මෙරට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් ඉදිරි දිනවලදීත් විදේශ සංචාර කීපයකට සහභාගිවීමට සැලසුම් කර තිබේ.
ඒ සදහා ජූනි 30 වැනිදා දක්වා අවස්ථාව සැලසී තිබෙන අතර එහිදී ආසියානු රන් පදක්කම්ලාභීණී තරුෂි දිල්සරා කරුණාරත්න මීටර් 800 (කාන්තා) ඉසව්වෙන් නිර්දේශ ලබා ගැනීමේ අරමුණින් ද හා කාලිංග කුමාරගේ මීටර් 400 (පිරිමි) ඉසව්වෙන්ද නිර්දේශ ලබා ගැනීමේ අරමුණින් ජූනි 15 වැනිදා ස්පාඤ්ඤයේ සංචාරයක් අරඹයි.
එහිදී ඔවුන් තරග වදින්නේ ජූනි 18 වැනිදාය. පැරිස් ඔලිම්පික් සදහා මීටර් 800 කාන්තා ඉසව්වෙන් ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව මේ වන විට තරුෂි 60 වැනි ස්ථානයේ පසුවේ. ඒ සදහා සියලු නිර්දේශ කාණ්ඩයන් ගෙන් තෝරා ගන්නා ක්‍රීඩිකාවන් ගණන 48 කි.
බහාමාස් තරග සංචාරයට සහභාගි වන මීටර් 400 ක්‍රීඩක අරුණ දර්ශන එහිදී ජූනි 16 වැනිදා තරග වැදීමට නියමිතය.
ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩිකා නදීෂා දිල්හානි ලේකම්ගේ මෙම ජූනි 12 වැනිදා දකුණු කොරියාවේ සංචාරයක් අරඹයි. ඇය එහිදි තරග වදින්නේ ජූනි 15 වැනිදාය.
මෙම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවගේ විශේෂත්වය වන්නේ පැරිස් ඔලිම්පික් ප්‍රසාද ලකුණු ක්‍රමයට අනුව ශ්‍රී ලංකාවෙන් දැනට ඉහළින්ම නිර්දේශ ලබා සිටින ක්‍රීඩිකාව බවට පත්ව සිටීමයි. ඇය පැරිස් ඔලිම්පික් හෙල්ල විසි කිරීමේ කාන්තා ඉසව්වෙන් මේ මොහොත වන විට පසු වන ස්ථානය 30ය. පැරිස් ඔලිම්පික් එහි අවසන් නිර්දේශ කිරීම් වලින් ක්‍රීඩිකාවෝ 30 දෙනෙක් වරම් උදා කර ගනිති.
මේ අතර ශ්‍රී ලංකා කෙටි ධාවන ශූර යුපුන් අබේකෝන් ජූනි 30 වැනිදාට පෙර පැරිස් ඔලිම්පික් අපේක්ෂාවෙන් ඉදිරියේදී තවත් යුරෝපා තරග සංචාර කීපයකට සහභාගි වීමට බලාපොරොත්තුවෙන් පසු වෙයි. කෙසේවුවත් පාදයක තරමක ආබාධ තත්වයකින් මේ වන විට පසු වන බව කියන ඔහු පසුගියදා ස්ටොක්හෝම් නුවරදී පැවැති ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී පසුබැසීමකට ලක් විය.
ඔහු පැරිස් ඔලිම්පික් නිර්දේශ හා සංසන්දනය කිරීමේදී දැනට මිටර් 100 (පිරිමි) ශ්‍රේණිගත කිරීම් අනුව පසු වන්නේ 71 වැනි ස්ථානයේය. ඊට නිර්දේශ ලබන්නේ ක්‍රිඩකයන් 56 දෙනෙකු පමණි.
මේ අතර පැරිස් ඔලිම්පික් නිර්දේශ ලබා ගැනීමේදී දැනට ඉදිරියෙන්ම පසු වන මෙම ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් කෙළින්ම නිර්දේශ ලබා ගැනීමට නොහැකි වුවහොත් ඔවුන්ගේ ඊළග උත්සාහය වන්නේ ප්‍රශාද ලකුණු ක්‍රමය ඔස්සේ නිර්දේශ ලබා ගැනීමය.
ඒ අනුව ශ්‍රී ලංකාවේදී මීළගට ආසන්නයේදීම පැවැත්වෙන 102 වැනි ජාතික මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වීමටත් ඔවුන් වැඩි දෙනකු සූදානම්ව සිටින බව වාර්තාවේ.
ජූනි 25 -26 - 27 යන දිනවලදී කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන ජාතික මලල ක්‍රීඩා තරගාවලිය හැරෙන්නට තෝරා ගත් ඉසව් කීපයක් සදහා විශේෂ තේරීම් තරගාවලියක් පැවැත්වීමටත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය සැලසුම් කර ඇත.
මීටර් 100, මීටර් 400 හා හෙල්ල විසි කිරීමේ පිරිමි ඉසව් හා මීටර් 400, මීටර් 800, මීටර් 1500 හා හෙල්ල ව්සි කිරීම යන කාන්තා ඉසව් සදහා පමණක් එම විශේෂ තේරීම් තරගාවලිය පැවැත්වෙයි.
කෙසේවුවත් ඊට සහභාගි විය හැක්කේ ඊට පෙර පැවැත්වෙන ජාතික මලල ක්‍රීඩා තරගාවලියේදී එකී ඉසව්හි අවසන් තරග දක්වා දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
20- 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ ශ්‍රී ලංකාව මුහුණදුන් පළමු තරගයෙන් ලකුණු 51ක පරාජයක් ශ්‍රී ලංකාවට හිමිවිය.
සුපිරි 8 දෙනාගේ තරග වටයේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය අද (22) පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතයි.
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරගය අද (19) පස්වරු 3.00ට ආර්.ප්‍රේමදාස ක්‍රීඩාගණයේ දී ආරම්භ වීමට නියමිතය.