කිරිපිටි, කල්කිරි සහ යෝගට් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල ගණන් ඉහළ දමා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන තොරතුරු අසත්‍ය බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරිය සඳහන් කළේ කිරිපිටි, කල්කිරි සහ යෝගට් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල ඉහළ දමා ඇති බවට මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පුවතක් සංසරණය වන බවත් නිල වශයෙන් තහවුරු නොකළ මෙවැනි තොරතුරු හුවමාරු කිරීමෙන් වළකින ලෙසත්  ජනතාවගෙන් ඉල්ලා තිබේ.

එමෙන්ම, සැක සහිත මිල වෙනස්වීම් හෝ වෙළෙඳපොළේ සිදුවන අක්‍රමිකතා පිළිබඳ තොරතුරු ඇත්නම් 1977 පාරිභෝගික කෙටි ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුවත් කරන ලෙසද දැනුම් දී ඇත.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.