ශ්‍රී ලංකාව හා ඉන්දීය කණ්ඩායම අතර දෙවන ටෙස්ට් සටන ජයපරාජයෙන් තොරයි
ශ්‍රී ලංකාව හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවති දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ජයපරාජයෙන් තොරව අද (27) අවසන් විය.
2026 පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් බංග්ලාදේශය ඉවත් කළ බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් නිවේදනය කර තිබේ.
ඊයේ (24) නිකුත් කළ ඉවෙදනයට අනුව බංග්ලාදේශය වෙනුවට කැඳවා ඇත්තේ ස්කොට්ලන්තයයි.
බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක මුස්තෆිසුර් රහමන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමෙන් ඉවත් කිරීම මෙම ගැටලුවට මුල්වූ අතර පසුව ආරක්ෂක හේතූන් මත බව පවසමින් බංග්ලාදේශය මෙවර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඉන්දියාවේ සංචාරය කිරීම ප්‍රතික්ෂේප කළේ ය.
ඔවුන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා සිටියේ ඉන්දියාවෙන් පිටත ශ්‍රී ලංකාව හෝ වෙනත් රටකදී තමන්ට ඊට සහභාගී වීමට අවසර දෙන ලෙසයි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මණ්ඩල සාමාජිකයන් අතර පැවැති සාකච්ඡාවකින් සහ ඡන්ද විමසීමකින් අනතුරුව, බංග්ලාදේශයේ ඉල්ලීම ප්‍රතික්ෂේප වූ අතර ඊට ප්‍රතිචාර ලෙස බංග්ලාදේශය පැවසුවේ, ඉන්දියාවේදී තරග නොකිරීමේ තම ස්ථාවරයේද වෙනසක් නොමැති බවයි.
ඒ අනුව, 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ නියමිත කාල සටහනට අනුව සහභාගී වීම බංග්ලාදේශය ප්‍රතික්ෂේප කර ඇති බැවින්, ශ්‍රේණිගතකිරීම් සලකා බලමින් ස්කොට්ලන්තයට එම අවස්ථාව ලබා දෙන බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ ය. .
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ශ්‍රී ලංකාව හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවති දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ජයපරාජයෙන් තොරව අද (27) අවසන් විය.
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දීය කණ්ඩායමට හිමිවිය.
ස්විස්ටර්ලන්තයේ ලුසෑන්හි පැවති ඩයමන් ලීග් තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරිමේ ඉසව්වේ ජය ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග පතිරගේ සමත් වී තිබේ.