පිලිපීනයේ මගී නෞකාවක ගින්නක් – 5ක් මරුට, 86ක් අතුරුදන්
පිලිපීනයේ මගී නෞකාවක ගින්නක් හටගැනීමෙන් පුද්ගලයන් පස්දෙනෙකු මියගොස් තවත් 86 දෙනෙකු අතුරුදන්ව තිබේ.
යුක්රේන අගනුවර වන කියෙව් වෙත රුසියානු හමුදා රාත්‍රියේ එල්ල කළ ප්‍රධාන ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලින් පුද්ගලයන් 13 දෙනෙකු මිය ගොස් ඇති බව බලධාරීහු පවසති.
රුසියාව "දැවැන්ත" ප්‍රහාරයකට සූදානම් වන බවට යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි අනතුරු ඇඟවීමෙන් පැය කිහිපයකට පසු නගරය පුරා ගොඩනැගිලිවලට ප්‍රහාර එල්ල වීමත් සමඟ ප්‍රදේශ කිහිපයක ජනතාව ඉවත් කරගෙන තිබේ.
මියගිය අය අතර "ළමුන් සැලකිය යුතු සංඛ්‍යාවක්" සිටින බව කියෙව්හි හමුදා පරිපාලන ප්‍රධානී ටයිමූර් ටකචෙන්කෝ පැවසීය.
යුක්රේන ගුවන් හමුදාව පැවසුවේ රුසියාව ප්‍රධාන වශයෙන් අගනුවර ඉලක්ක කර ගනිමින් මිසයිල 74ක් සහ ඩ්‍රෝන යානා 496ක් එක රැයකින් දියත් කළ බවයි.
මේවායින් බොහොමයක් වළක්වා ගැනීමට රටේ ගුවන් ආරක්ෂක අංශ සමත් වූ අතර, බැලිස්ටික් මිසයිල 25 ක් සහ ඩ්‍රෝන යානා 12 ක් ස්ථාන 33 කට පහර දී ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
පිලිපීනයේ මගී නෞකාවක ගින්නක් හටගැනීමෙන් පුද්ගලයන් පස්දෙනෙකු මියගොස් තවත් 86 දෙනෙකු අතුරුදන්ව තිබේ.
ඉන්දියාවේ නවදිල්ලි නුවර සත්‍ය නිකේතන් ප්‍රදේශයේ පස්මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගොස් තිබේ.
සාම්ප්‍රදායික ලෝක සිතියම වෙනුවට අප්‍රිකානු මහාද්වීපයේ සැබෑ විශාලත්වය වඩාත් නිවැරදිව නිරූපණය කරන සිතියමක් භාවිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඡන්දය දී තිබේ.