මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් 700කට ආසන්න පිරිසක් අඟුණකොළපැලැස්ස, බෝගම්බර, අනුරාධපුරය, පොළොන්නරුව සහ කුරුවිට යන බන්ධනාගාර වෙත මාරු කර යැවීමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

බන්ධනාගාරය තුළ ඊයේ (05) සිට ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සහ ආරක්ෂාව තහවුරු කිරීමේ පියවරක් ලෙස මෙම කඩිනම් ස්ථාන මාරු කිරීම් සිදු කර ඇති බව වාර්තා වේ.

ඊයේ මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමෙන් පසුව එම තත්ත්වය පාලනය කර තිබුණද පසුව අද (06) උදෑසන වනවිට එහි යළි නොසන්සුන් තත්ත්වය ඇති විය.

රිමාන්ඩ් භාරයේ සිටින රැදවියන් පිරිසක් සහ දඬුවම් ලබා බන්ධනාගාරගත කර සිටින රැඳවියන් පිරිසක් අතර මෙම ගැටුම සිදුව තිබුණි.

 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.