දින අටක සිට ඉන්දුනීසියාවේ කුණු කන්දක ගින්නක් ඇවිලෙමින් තිබේ.

ජකර්තා අගනුවරට පිටතින් පිහිටි ජටිවාරිංගින් කසළ රඳවනයේ ඇති වූ ගින්න හෙක්ටයාර් 15කට වඩා වැඩි ප්‍රදේශයක් පුරා පැතිරී ඇති අතර, එම ප්‍රදේශය වැසී ගිය ඝන විෂ දුමාරයකින් ප්‍රදේශවාසීන් සිය ගණනක් අවතැන් වී ඇත.

වායු දූෂණය හේතුවෙන් ශ්වසන රෝග වැඩිවීමක් සිදුවන බව සෞඛ්‍ය බලධාරීන් වාර්තා කර ඇති අතර, ගිනි නිවන භටයින් හෙලිකොප්ටර්, ජල ටැංකි, බුල්ඩෝසර් සහ ඩ්‍රෝන යානා යවා ගින්න නිවීමට කටයුතු කරමින් සිටියි.

මෙම සතිය අවසානය වනවිට ගින්න නිවා දැමීමට හැකි වනු ඇතැයි බලාපොරොත්තු වන නමුත් පරිසර ක්‍රියාකාරීන් පවසන්නේ මෙය ඉන්දුනීසියාවේ වර්ධනය වන අපද්‍රව්‍ය අර්බුදයේ එක් රෝග ලක්ෂණයක් පමණක් බවත්, මෙම ගින්න "පද්ධතිමය නොසැලකිල්ල නිසා ඇති වූ පාරිසරික ව්‍යසනයක්" ලෙස විග්‍රහ කළ හැකි බවත්ය.

ජුනි 30 වන දින ගින්න හටගත් අතර, මුලින් කුඩා ගිනි පුපුරක් නිසා ඇති වූ ගින්න තද සුළං මගින් ඇවිළී ගොස් කසළ ගොඩගැසී ඇති ස්ථාන සහ ගිනි නිවන භටයින්ට ළඟා වීමට අපහසු ස්ථාන ඇතුළුව ස්ථාන කිහිපයකට පැතිර ගියේය.

 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.