මියන්මාර භූ කම්පනයෙන් මියගිය ගණන 1600 ඉක්මවයි
මියන්මාරයේ සිදුවූ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 1,644ක් දක්වා ඉහළ ගොස් තිබේ.
නේපාලයේ චිත්වාන් දිස්ත්‍රික්කයේ මාර්ගයක් නායයාමෙන් එහි ගමන්ගත් බස් රථ දෙකක් ගංගාවකට පෙරලීම නිසා අවම වශයෙන් 60 දෙනකු අතුරුදහන් වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
සිමල්තල් නම් ප්‍රදේශය හරහා ගමන් කරන නාරයන්ගත්-මුග්ලින් නම් මාර්ගය අධික වර්ෂාව නිසා සිකුරාදා (12) උදැසන 3.30ට පමණ මෙලෙස නායගොස් ඇති බවත් නායයාම සිදුවන අවස්ථාවේ දී මගීන් 65 දෙනකු පමණ ගමන්ගත් බස් රථ දෙක ට්රිශුලි ගංගාවට පෙරලී අනතුර සිදුව ඇති බවත් NDTV පුවත් සේවය වාර්තා කරයි.
අතුරුදහන් වූ අය අතර ඉන්දීය ජාතිකයින් 6 දෙනෙකු ද සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
අනතුරෙන් දිවි ගලවා ගත් අය සොයා ගලවා ගැනීමේ කණ්ඩායම් සෝදිසි මෙහෙයුම් දියත් කර ඇති බවත් ගණපති ඩීලක්ස් බස් රථයේ සිටි මගීන් තිදෙනෙකු රථයෙන් පැන දිවි බේරාගෙන ඇති බව වාර්තා වේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මියන්මාරයේ සිදුවූ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 1,644ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අමෙරිකාව, යේමනයේ හූති සටන්කාමීන් ඉලක්ක කර එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් තිබේ.
ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂය ජයගෙන තිබේ.