ලාෆ්ස් ගෑස් මිල ගණන් පහත දැමීමට එම සමාගම කටයුතු කර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරකයක මිල රුපියල් 5,995ක් දක්වා රුපියල්  745කින් අඩු කර තිබේ.

එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2,398 දක්වාද මිල අඩු කිරීමට එම සමාගම පියවර ගෙන ඇත.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කර ඇත්තේ අමාත්‍ය වසන්ත සමරසිංහ විසින් සිදුකළ ඉල්ලීම සහ පාරිභෝගික ජනතාව මුහුණ දෙන අපහසුතා සැලකිල්ලට ගනිමින් ලාෆ්ස් ගෑස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම තීරණය ගත් බවත් ය.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.