PHP පද්ධති ආරක්ෂක දුර්වලතා ගැන CERT අනතුරු අඟවයි
PHP මෘදුකාංගය භාවිත කර නිර්මාණය කර ඇති පද්ධතිවල පවතින ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් සයිබර් ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
Meropenem injection එන්නත් කුප්පි 488,590ක් තිබියදී එන්නත් කුප්පි 450,000ක් හදිසි මිලදී ගැනීමක් ලෙස වැඩිමිලට මිලදී ගැනීමෙන් රු.368,955,000ක පාඩුවක්
බැක්ටීරියා මගින් ඇති වන ආසාදනවලට භාවිත කරනු ලබන Meropeneminjecion නමැති ඖෂධය ප්‍රමාණවත් පරිදි රෝහල් පද්ධතියේ හෝ වෛද්‍ය සැපයුම් අංශයේ තිබියදී එම ඖෂධයෙන් එන්නත් කුප්පි 450,000ක් හදිසි මිලදී ගැනීම් යටතේ වැඩි මිලට මිලදී ගැනීම නිසා රජයට රුපියල් තිස්හය කෝටි අසූ නවලක්ෂ පනස් පන්දහසක (368,955,000) පාඩුවක් සිදු වී ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කරන ලද නවතම විගණන වාර්තාවක සඳහන් වේ.
මෙම එන්නත් කුප්පියක් සාමාන්‍ය ඇණවුම් යටතේ රුපියල් 1,075.60ක මිලකට මිලදී ගත හැකිව තිබියදී මෙරටට බෙහෙත් සැපයුම් කරන කොන්ත්‍රාත්කරුවන්ගේ හදිසි මිලදී ගැනීම් යටතේ එන්නත් කුප්පියක් රුපියල් 1895.50ක මුදලකට මිලදී ගෙන තිබුණි.
මෙම එන්නත් තොගය හදිසි මිලදී ගැනීම් යටතේ ඇණවුම් කිරීමේදී සෞඛ්‍ය අංශයේ හදිසි ප්‍රසම්පාදන කමිටුව මගින් 2022 වර්ෂයේ නොවැම්බර් මස 21වනදා වන විට කිසිදු තොගයක් නොමැති බව සඳහන් කර තිබුණි.
එහෙත් 2022 වර්ෂයේ නොවැම්බර් මස 21වනදා විටත් එන්නත් කුප්පි 488,590කට ආසන්න ප්‍රමාණයක් වෛද්‍ය සැපයුම් අංශයේ හෝ රෝහල් පද්ධතියේ පැවති බව නිකුත් කර තිබූ බව විගණනය මගින් අනාවරණය කර තිබුණි.
මේ හේතුවෙන් මෙම ඖෂධය හදිසි මිලදී ගැනීම සඳහා අවශ්‍යතාවයක් නොතිබූ බව එම විගණන වාර්තවේ සඳහන් වේ. මෙකී සැපයුම්කරු විසින් ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සහතිකය ලැබී සති දෙකක කාලසීමාවක් තුළදී ඖෂධ සැපයීමට එකඟ වුවත් ඖෂධ සැපයිය යුතු දිනයේ සිට දින 41ක ප්‍රමාද කාලසීමාවකින් ඖෂධ සපයා තිබුණි.
ada.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
PHP මෘදුකාංගය භාවිත කර නිර්මාණය කර ඇති පද්ධතිවල පවතින ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් සයිබර් ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
අන්තර්ජාලයේ වෙබ් අඩවි රැසක් ක්රියාත්මක කිරීම සඳහා භාවිත කරන PHP පරිගණක භාෂාවේ දශකයකට වැඩි කාලයක් හඳුනා නොගත් බරපතළ ආරක්ෂක දුර්වලතා කිහිපයක් කෘත්රිම බුද්ධිය (AI) භාවිතයෙන් හඳුනාගෙන තිබේ.
දැදුරු ඔය ද්රෝණියේ ඉහළ හා මධ්ය ප්රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතුවෙන් දැදුරු ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්නව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.