මෙරට 45%ක් ක්ෂය රෝගීන් බස්නාහිර පළාතෙන් - අවදානම් ස්ථාන එලියට
මෙරටින් වසරකට ක්ෂය රෝගීන් 8,500ත් 9,500ත් අතර සංඛ්‍යාවක් වාර්තා වන අතර බස්නාහිර පළාතෙන් සියයට 45ක් පමණ ක්ෂය රෝගින් වාර්තා වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන පවසයි.
Meropenem injection එන්නත් කුප්පි 488,590ක් තිබියදී එන්නත් කුප්පි 450,000ක් හදිසි මිලදී ගැනීමක් ලෙස වැඩිමිලට මිලදී ගැනීමෙන් රු.368,955,000ක පාඩුවක්
බැක්ටීරියා මගින් ඇති වන ආසාදනවලට භාවිත කරනු ලබන Meropeneminjecion නමැති ඖෂධය ප්‍රමාණවත් පරිදි රෝහල් පද්ධතියේ හෝ වෛද්‍ය සැපයුම් අංශයේ තිබියදී එම ඖෂධයෙන් එන්නත් කුප්පි 450,000ක් හදිසි මිලදී ගැනීම් යටතේ වැඩි මිලට මිලදී ගැනීම නිසා රජයට රුපියල් තිස්හය කෝටි අසූ නවලක්ෂ පනස් පන්දහසක (368,955,000) පාඩුවක් සිදු වී ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කරන ලද නවතම විගණන වාර්තාවක සඳහන් වේ.
මෙම එන්නත් කුප්පියක් සාමාන්‍ය ඇණවුම් යටතේ රුපියල් 1,075.60ක මිලකට මිලදී ගත හැකිව තිබියදී මෙරටට බෙහෙත් සැපයුම් කරන කොන්ත්‍රාත්කරුවන්ගේ හදිසි මිලදී ගැනීම් යටතේ එන්නත් කුප්පියක් රුපියල් 1895.50ක මුදලකට මිලදී ගෙන තිබුණි.
මෙම එන්නත් තොගය හදිසි මිලදී ගැනීම් යටතේ ඇණවුම් කිරීමේදී සෞඛ්‍ය අංශයේ හදිසි ප්‍රසම්පාදන කමිටුව මගින් 2022 වර්ෂයේ නොවැම්බර් මස 21වනදා වන විට කිසිදු තොගයක් නොමැති බව සඳහන් කර තිබුණි.
එහෙත් 2022 වර්ෂයේ නොවැම්බර් මස 21වනදා විටත් එන්නත් කුප්පි 488,590කට ආසන්න ප්‍රමාණයක් වෛද්‍ය සැපයුම් අංශයේ හෝ රෝහල් පද්ධතියේ පැවති බව නිකුත් කර තිබූ බව විගණනය මගින් අනාවරණය කර තිබුණි.
මේ හේතුවෙන් මෙම ඖෂධය හදිසි මිලදී ගැනීම සඳහා අවශ්‍යතාවයක් නොතිබූ බව එම විගණන වාර්තවේ සඳහන් වේ. මෙකී සැපයුම්කරු විසින් ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සහතිකය ලැබී සති දෙකක කාලසීමාවක් තුළදී ඖෂධ සැපයීමට එකඟ වුවත් ඖෂධ සැපයිය යුතු දිනයේ සිට දින 41ක ප්‍රමාද කාලසීමාවකින් ඖෂධ සපයා තිබුණි.
ada.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මෙරටින් වසරකට ක්ෂය රෝගීන් 8,500ත් 9,500ත් අතර සංඛ්‍යාවක් වාර්තා වන අතර බස්නාහිර පළාතෙන් සියයට 45ක් පමණ ක්ෂය රෝගින් වාර්තා වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන පවසයි.
වෙනත් ජංගම දුරකථන අංකයක් සඳහා කලින් ලියාපදිංචි කළ වාහනවල ඉන්ධන QR කේත නැවත ලබාගැනීම සඳහා අද (19) සිට නව ක්‍රමවේදයක් හඳුන්වාදී තිබේ.
ඉන්දියානු සාගරය ගැටුම් කලාපයක් නොව ශිෂ්ටාචාර අතර පාලමක් වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.ඔහු මේ බව ප්‍රකාශ කලේ අද දින ඉන්දියාවේ නවදිල්ලි නුවරදී WION ගෝලීය සමුළුව අමතමිනි. මෙහිදී අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ,