UPDATE : 6.00 PM සිකුරාදා රාත්‍රියේ කියෙව් කලාපයේ ගබඩාවකට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් 37 දෙනෙකු මියගොස් තිබේ.

UPDATE : 5.55 PM

සිකුරාදා රාත්‍රියේ කියෙව් කලාපයේ ගබඩාවකට එල්ල වූ  රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් 27 දෙනෙකු මියගොස් තිබේ.

තවත් පුද්ගලයන් 400කට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇත.

යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සඳහන් කළේ ප්‍රහාරය හේතුවෙන් විශාල පිපිරීමක් සිදුව ඇති අතර, ඒ ආසන්නයේ පිහිටි වැඩිහිටි සත්කාර මධ්‍යස්ථානයකට සහ නේවාසික ගොඩනැගිලිවලටද හානි සිදුව ඇති බවයි. එම ස්ථානයේ පතොරම් ගබඩා කර තිබුණේද යන්න පිළිබඳවද විමර්ශනයක් ආරම්භ කර තිබේ.

කලාපීය ප්‍රධානී ටිමූර් ටකචෙන්කෝ සඳහන් කළේ තුවාල ලැබූවන් 42 දෙනෙකු අතර ළමුන් සිව්දෙනෙකුද සිටින බවයි.

මේ අතර, සෙනසුරාදා උදෑසන වනවිටත් බුචා දිස්ත්‍රික්කයේ අදාළ ස්ථානයේ සෙවීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතී.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.