මිනිස් පරිභෝජනයට නුසුදුසු ඇට වර්ගයක් අනුභව කිරීම හේතුවෙන් අසනීප වූ කන්තලේ ප්‍රදේශයේ පාසලක 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් 22 දෙනෙකු කන්තලේ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක, ටර්නි සමන් පැවසුවේ ඉන් අසාධ්‍ය තත්ත්වයෙන් සිටින දරුවන් 5 දෙනෙකු මේ වනවිට ත්‍රිකුණාමලය රෝහල වෙත මාරුකර යැවීමට කටයුතු කළ බවය.

අදාළ ඇට වර්ගය එක් සිසුවෙකු විසින් නිවසින් රැගෙන විත් ඇති අතර මෙම සිසුන් එම ඇට අනුභව කිරීම හේතුවෙන් අසනීප වන්නට ඇතැයි සැක කෙරේ.
 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.