PHP පද්ධති ආරක්ෂක දුර්වලතා ගැන CERT අනතුරු අඟවයි
PHP මෘදුකාංගය භාවිත කර නිර්මාණය කර ඇති පද්ධතිවල පවතින ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් සයිබර් ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
කළු ගඟේ අතු ගංඟාවක් වන කුඩා ගඟ මිල්ලකන්ද ප්රදේශයෙන් මහ ගංවතුර මට්ටමට ළඟාවී තිබේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ කළු ගඟ, මඟුර, රත්නපුර සහ පුටුපවුල ප්රදේශවලින් ද අවදානම් මට්ටමේ පවතින බවයි. ගිං ගඟ, බද්දේගම ප්රදේශයෙන් ද, අවදානම් මට්ටමට ළඟා වී ඇත. අත්තනගලු ඔය දූනමලේ ප්රදේශයෙන් ද පවතින්නේ, අවදානම් මට්ටමේයී.
මේ අතර කළුතර සහ රත්නපුර දිස්ත්රික්කවලට නායයෑමේ රතු නිවේදන නිකුත් කෙරිණි. කළුතර දිස්ත්රික්කයේ රතු නිවේදන නිකුත් කර ඇත්තේ, බුලත්සිංහල සහ ඉංගිරිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසවලටයි. රත්නපුර දිස්ත්රික්කයේ කලවාන, ඇහැළියගොඩ සහ ඇලපාත ප්රාදේශීය ලේකම් කොට්ඨාසවලට ද රතු නිවේදන නිකුත් කර තිබේ. ඊට අමතරව කොළඹ, ගාල්ල, කෑගල්ල සහ මාතර දිස්ත්රික්කවල ප්රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නායයෑමේ අනතුරු ඇඟවීම් ක්රියාත්මකයි.
ආපදා කළමනාකරණ මධ්යස්ථානය ජනතාවට දැනුම් දෙන්නේ, ඒ පිළිබඳ දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙසයි.
මේ අතර බස්නාහිර සහ සබරගමුව පළාත්ෙවලටත්, ගාල්ල සහ මාතර දිස්ත්රික්වලටත් මිලිමීටර 75 ක පමණ වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්රදේශවලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
අකුණු අනතුරුවලින් ආරක්ෂා වන්නැයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
PHP මෘදුකාංගය භාවිත කර නිර්මාණය කර ඇති පද්ධතිවල පවතින ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් සයිබර් ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
අන්තර්ජාලයේ වෙබ් අඩවි රැසක් ක්රියාත්මක කිරීම සඳහා භාවිත කරන PHP පරිගණක භාෂාවේ දශකයකට වැඩි කාලයක් හඳුනා නොගත් බරපතළ ආරක්ෂක දුර්වලතා කිහිපයක් කෘත්රිම බුද්ධිය (AI) භාවිතයෙන් හඳුනාගෙන තිබේ.
දැදුරු ඔය ද්රෝණියේ ඉහළ හා මධ්ය ප්රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතුවෙන් දැදුරු ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්නව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.