මියන්මාර භූ කම්පනයෙන් මියගිය ගණන 1600 ඉක්මවයි
මියන්මාරයේ සිදුවූ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 1,644ක් දක්වා ඉහළ ගොස් තිබේ.
නේපාලයේ එවරස්ට් ප්‍රදේශයේ පිහිටි ෂර්පා ගම්මානයක් අයිස් ගංවතුරකට යටවී ඇති බව බලධාරීහු පවසති.
මීටර 3800ක පමණ උසකින් පිහිටි තේම් නම් ගම්මාන ගංවතුරට යටවී ඇත්තේ ග්ලැසියර විලක ඉවුරු කැඩී යාමෙන් පසු බවයි විශේෂඥයින් අනුමාන කරන්නේ.
දේශගුණික විපර්යාස හේතුවෙන් හිමාල කඳුකරයේ ග්ලැසියර විශාල ප්‍රමාණයක් දියවී යන බවට විද්‍යාඥයන් අනතුරු අඟවා තිබේ.
ගංවතුරෙන් නිසා මරණ හෝ තුවාල කිසිවක් වාර්තා වී නැති නමුත් නිවාස, පාසලක් සහ සෞඛ්‍ය සායනයක් ඇතුළු ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී ඇත.
තේම් යනු බොහෝ එවරස්ට් කඳු නගින්නන්ගේ නිවහන වන අතර ගවේෂක එඩ්මන්ඩ් හිලරි සමඟ එවරස්ට් කන්ද තරණය කළ පළමු පුද්ගලයා වන ෂර්පා ටෙන්සිං නෝර්ගේ උපන්ගම ද වේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මියන්මාරයේ සිදුවූ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 1,644ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අමෙරිකාව, යේමනයේ හූති සටන්කාමීන් ඉලක්ක කර එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් තිබේ.
ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂය ජයගෙන තිබේ.