රුමේෂ්ගෙන් ශ්‍රී ලංකාවට තවත් රන් ජයක්
ආසියානු ක්රීඩා උලෙළේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට රුමේෂ් තරංග සමත් විය.
සංචාරක ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (02) පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය ජය පරාජයකින් තොරව අවසන් විය.
ශ්‍රී ලංකා නායක චරිත් අසලංක තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 නිමා කළේ කඩුලු 8ක් දැවී ලකුණු 230ක් රැස් කරමිනි.
පැතුම් නිස්සංක ලකුණු 56ක් රැස් කළ අතර සිය එක්දින දිවියේ මංගල අර්ධ ශතකය වාර්තා කළ දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 67ක් සහ වනිඳු හසරංග ලකුණු 24ක් රැස් කළේය.
ලකුණු 231ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ඉන්දීය ආරම්භක පිතිකරුවන් යුගල ආරම්භ කඩුල්ලට ලකුණූ 75ක සබඳතාවක් ගොඩනැගුවේය. අනතුරුව ලකුණු ලකුණු 12ක් තුළ නායක රෝහිත් ෂර්මා, ශුබ්මන් ගිල් සහ වොෂිංග්ටන් සුන්දර් දවා ගනිමින් දුනිත් වෙල්ලාලගේ සහ අකිල ධනංජය ඉන්දීය පිලට පීඩනයක් එල්ල කළේය.
ඉන්දීය පිලට ජයග්‍රහණය වෙනුවෙන් එක් ලකුණක් ලබාගැනීමට තිබිය දී චරිත් අසලංකගේ පන්දු යැවීම හමුවේ එක පිට කඩුලු දෙකක් බිඳ හෙළීම නිසාවෙන් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආසියානු ක්රීඩා උලෙළේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට රුමේෂ් තරංග සමත් විය.
ශ්‍රී ලංකාව හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවති දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ජයපරාජයෙන් තොරව අද (27) අවසන් විය.
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දීය කණ්ඩායමට හිමිවිය.