ඊශ්‍රායල ප්‍රහාරයකින් ලෙබනනයේ 6ක් මරුට
දකුණු ලෙබනනයේ නගරයකට ඊශ්‍රායල විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පරිපූරක වෛද්‍යවරුන් තිදෙනෙකු ඇතුළු හය දෙනෙකු මිය ගොස් තිබේ.
ඉරානයේ ටෙහෙරාන් හිදී මරා දැමුණු හමාස් සංවිධානයේ ප්‍රධානි ඉස්මයිල් හනියේගේ අවමංගල්‍ය පෙරහැරට දහස් ගණනක් ජනතාව සහභාගී වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි විසින් හමාස් නායකයා වෙනුවෙන් යාඥා මෙහෙයවිය. ඉස්මයිල් හනියේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කටාර්හි සිදු කිරීමට නියමිතය.
ඉරාන භූමියේ සිදුවූ ඝාතනයට වගකිව යුතු බව පැවසෙන ඊශ්‍රායලයට එරෙහිව සෘජු ප්‍රහාර එල්ල කිරීමට උත්තරීතර නායකයා නියෝග කර ඇතැයි ඉරාන බලධාරීන් උපුටා දක්වමින් එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කර ඇත.
මෙම ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලය ඍජුව අදහස් දක්වා නොමැත.
තවත් හමාස් ප්‍රධානියෙක් මරා දැමේ
හමාස් හමුදා ප්‍රධානී මොහොමඩ් ඩීෆ්, පසුගිය මාසයේ ගාසා තිරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් මිය ගිය බව ඊශ්‍රායල හමුදාව පවසයි.
ජුලි 13 වෙනිදා ඛාන් යුනිස් ප්‍රදේශයට එල්ල කළ ප්‍රහාරයකින් ඩීෆ් මියයන්නට ඇති බව පැවසේ. කෙසේ වෙතත්, හමාස් සංවිධානය තවමත් ඔහුගේ මරණය තහවුරු කර නොමැත.
මොහොමඩ් ඩීෆ් යනු, පුද්ගලයන් 1200ක් මිය ගොස් 251ක් ප්‍රාණ ඇපයට ගත් දකුණු ඊශ්‍රායලයට එල්ලවූ ඔක්තෝම්බර් 7 ප්‍රහාරය සැලසුම් කිරීමට වගකිව යුතු එක් පුද්ගලයෙක් බවයි ඊශ්‍රායලය පවසන්නේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දකුණු ලෙබනනයේ නගරයකට ඊශ්‍රායල විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පරිපූරක වෛද්‍යවරුන් තිදෙනෙකු ඇතුළු හය දෙනෙකු මිය ගොස් තිබේ.
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය ජය ගත් තමිළග වෙට්ට්‍රි කළගම් (TVK) පක්ෂයේ නායක ජනප්‍රිය නළු ජෝසප් විජේ ප්‍රාන්ත මහඇමති ධුරයේ අද (10) දිවුරුම් දුන්නේය.
17 වන තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභා මැතිවරණයෙන් ආසන 108ක් දිනා ගනිමින් දෙමළ සිනමාවේ සුපිරි නළු තලපති විජේ නායකත්වය දෙන තමිලග වෙට්ට්‍රි කසාගම් (TVK) පක්ෂය දැවැන්ත ජයක් ලබා ගෙන තිබේ.